කා ශොප් එක ලගින් කාර් එක නතර කරලා යුන්මින් දෙන්නා බහිද්දි ගාඩ් එකට ආව ජීප් පහෙනුත් කට්ටියම ඉක්මනට බැහැලා යුන්මින් දෙන්නව කවර් කරගත්තා......

"මොකටද ජීමිනා ගාඩ්ලා"
හිමින් යුන්ගි මිමිනුවේ එයා ගාඩ්ලා එක්ක කොහෙවත් යන්න තිබ්බ අකමැත්ත නිසාමයි...

"ඊයෙත් ගාඩ්ලා නැතුව පණ්ඩිතකමට ගිහින් කරගත්ත වැඩේ මදිවෙලාද"
ජීමින් නෝක්කාඩුවට කියුවේ තාමත් නැතීවෙලා නැති තරහත් හිතේ තියාගෙන...

"යාහ් මේ බලනවා මන් හොදින් ඉන්නේ"
අත්දෙකත් දෙපැත්තට දික් කරගෙන යුන්ගි ගැම්මෙන් කියද්දී ජීමින් ඒක ගනන් නොගෙනම ඉස්සරහට ඇවිදන් ගියා.....

"යාහ් ඔහොම ඉන්නවා කොහෙද දු..."
යුන්ගි කියන්න හදපුදේත් නවත්තලා පිටිපස්සට පැන්නේ වේගෙන් ආව porsche කා එකක් යුන්ගිගේ කකුල් දෙක ගාවින්ම නතර කරපු නිසා......ඇහුනු සද්දෙත් එක්ක ජීමින් පිටිපස්ස බලද්දී දැක්කේ porsche එකෙන් බැස්ස කෙල්ලෙකුයි ඒ කෙල්ලව ගාඩ් එකට කැබ් වලින් බැස්ස උස මහත පිරිමි දහදෙනෙක්වයි.....

"තමුසේ කොහෙ යනවා කියලද හිතාගෙන ඉන්නේ ආහ්"
ආවේගයේ උපරිම හිටපු යුන්ගි කෙල්ල ගාවට ගිහින් අහද්දී කෙල්ලගේ ගාඩ්ලයි යුන්ගි එක්ක හිටපු ගාඩ්ලයි තමන්ගේ ප්‍රධානීන්ව කවර් කරගත්තා......

"Hyung,are you ok?"
යුන්ගි ගාවට දුවගෙන ආව ජීමින් යුන්ගි දිහා බලාගෙනම අහලා යුන්ගිව කවර් කරන් හිටපු ගාඩ් කෙනෙක්ට ගහගෙන ගහගෙන ගියා...කොච්චර ගුටි කෑවත් ඔලුව කෙලින් තියාගෙනම ඉන්න ගාඩ් දිහා කෙල්ලත් බලන් හිටියේ පුදුම වෙලා...ජීමින්ගේ ගාඩ්ලා එහෙමයි කොච්චර ගුටි කෑවත් කෙලින් ඉන්න පුලුවන් තරම් ශක්තිමත්....

"තොපිට හ්යොන්ව බලාගන්න බැරිද යකෝ...හ්යෝන් ඉස්සරවෙලා යද්දී තොපෙන් කීපදෙනෙකුත් හ්යොන්ට ඉස්සහින් පලයව් ඒක දන්නේ නැද්ද ආහ්...බලපන් දැන් මේ ගෑනි නිසා හ්යෝ..."
ගාඩ්ට ගගහ කතා කරන ජීමින්ගේ කතාවට බදාවක් කරන ගමන් කෙල්ල කතා කරා....

"මේ ඕයි මන් ගෑණියෙක් නෙමේ..මන් මෙලී..පාක් මෙලී"
ඇගිල්ලකුත් ජීමින් දිහාවට දික් කරගෙන මෙලී කතා කරද්දී ජීමින් කනකොනකට හිනා උනා....

||DEAR_MAFIA||Completed Where stories live. Discover now