ඇස් නිලංකාර වන ආලෝකය දෙස බොඳ වූ දෑසින් එක එල්ලෙ බලා සිටී මා හට කාලය පිලිබද වගක් නොවීය..... අදුර යනු මට පුරුදු දෙයකි. නමුත් අදුර තුලින් ගලා එන විවිධ ආලෝක කදම්භයන්ට නම් මා වෛර කලෙමි.... අවශ්‍ය වූයේ කෑලි කැපිය හැකි අදුරක්ම පමණි.....
කෙසේ කාලය ගෙවෙනවා දැයි හෝ නොදැන මා හිටිවනම සිටියෙමි........
Excuse me sir.... need more?
No thank you....
අසලටම පැමිනි වේටර් වරයාගේ හඬින් පියවි සිහියට පැමිනි මා කෙටියෙන් ඔහුට පිලිතුරු ලබා දී නැවත අත තිබූ වීදුරුව තොල ගෑමට සැරසුනෙමි.....
නමුත් එහි ඇති මධුපානය අවසන්ව ඇත.
මා නොදැනුවත්වම එය අවසන් කර ඇත....
Excuse me, could i?
Yes sir..
නැවත වේටර්වරයා අමතා වීදුරුවක් ලබා ගත් මා එය දෙසවත් නොබලා එක හුස්මට පානය කලෙමි.....
අයිස් කැට තවමත් දිය වී ගොස් නැත..... එසේ හෙයින් පානය නැවුම්ව තිබුනි..
උගුර පිව්චි පහලට ගලා යන විස්කි පානයේ අපුලක් මා කරා ආවේ නැත...
අවශ්‍ය වූවේ කෙසේ හෝ මාගේ පියවි සිහියෙන් මිදීම පමණක්ම වූවේය.
පිච්චෙනවා, කියන එක ගැන මම තව මොනව කියලා අලුත් අත්දැකීම් ගන්නද.... හැමදාම පිච්චෙනවා.. ඉවරයක් නෑ. කවදා ඉවර වෙයිද මේ පිච්චිල්ල.....
එය සැබෑය...... උගුරෙන් පහලට යන පානයේ වෙනසක් නොදැනුනේ සෑම දාම නොකඩවා ලබන පිලිස්සුම් වේදනාව නිසාම එය දැන් කම්මලේ බල්ලා සේ පුරුදු වී තිබීමයි..
මගේ ජීවිතය අදුරු ආගාධයටම වැටී අවසන්ව ඇත.... අද දින යනු මගේ සුළු ජීවයක් ඇති ආත්මය පවතිනා අවසන් දිනයයි.
එය විද ගැනීමට මා මේ බලා සිටින්නෙ ඇයි දැයි කියා හෝ මා නොදනිමි.
වට පිටින් ඇසෙන්නා වූ නානප්‍රකාර කට හඬවල් වලට සවන් යොමු කිරීමට නොහැකිය.... මගේ දෙසවන ඇතුලතින් කීං....... හඩක් පමණක්ම ඇසේ.....
එය මාගේ හදවත ගැහෙන වේගය ක්‍රමක්‍රමයෙන් වැඩි වීමට හේතු විය.....
මා දෑස් වසාගතිමි........
මා හට මිය යෑමට අවශ්‍ය විය. නමුත්
මිය යෑමට අවශ්‍ය තරමටම මාහට ජීවත් වීමටද අවශ්‍ය විය.
අවශ්‍යතාවය පරස්පර වුවද හේතුව සමාන විය......
ඔව් ඒ හේතුව නිසාම මම ජීවත් වෙමි.
මැරි මැරි ඉපදිමි......
YOU ARE READING
Die for You [Yizhan/Zhanyi]
Short Storyනොකියමි බලා හිදින බව නුබට..... නමුත් බලා සිටිමි එය දැනෙන තුරු නුබට......... පතමි මම හැමදාම ලැබෙන්නට හැම සතුට... සිතමි මම හැමදාම නුඹේ සතුට විතරක්ම.... පුදමි මම ජීවිතය රකින්නට නුඹෙ සතුට..... රකිමි මම සිනහව නුඹෙ මුවග රැඳෙන.......
![Die for You [Yizhan/Zhanyi]](https://img.wattpad.com/cover/294060288-64-k10089.jpg)