🖤🖤HI MR MIN 🖤🖤07

En başından başla
                                    

තවත් සෑහෙන වෙලාවක් අදුරට යොමු වෙලා තිබුන නිවීගේ  ඇස් දෙක එක මොහොතකට බිත්තියේ තිබුන ඔරලෝසුව දිහාවට යද්දී නිවී ගේ කටින් බර හුස්මක් පිට වුනා,  වෙලාව රෑ එකොලහ සටහන් වෙලා තිබුනත් නිවී ට නිදි මතක් දැනුනේ නෑ. 
දවල් වරුවම අරගෙන නිවී රූම් එක අස් කලා අස් කරලා ඉවර වෙලා මහන්සියට වාඩි වුන ගමන් තමයි නිවී කල්පනාවක අතරමං වුනේ.  තවත් හුස්මක් අතෑරලා නැගිටලා වොෂ් රූම් එකට ගිය නිවී වොෂ් එකක් අරගෙන ආපහු සැරයක් කාමරේ පුරාම ඇස් යැව්වේ හැමදේම හොදින් ද කියලා තහවුරු කරගන්න. 
සද්දේ ඇහෙන්නෙ නැති වෙන්න කාමරේ දොර වහපු නිවී එහෙමම පහලට ඇවිත් කොෆී එකක් හදාගෙන රූම් එකට  යන්න හදන කොටම කිචන් එකට ආවේ හේසෝක්...

"ඔප්පා ඔයා තාම නිදි නැද්ද?"

"මං හෙයොන්ග් ලා එනකම් ඇහැරලා ඉන්නවා නිවී හැමදාම, නිවී මොකද ඇහැරලා "

"ඔප්පට කොෆි එකක් "

"ඕකේ, අදත් දවල් වරුවම නිදාගත්තද"

" අනී ඔප්පා මං දැන් තමයි වැඩ ටික ඉවර කරලා වොෂ් එකක් ගත්තේ "

"මොන වැඩද?"

"මං රූම් එක අස් කලා ඔප්පා "

නිවී එහෙම කියද්දී කට ලගට ගත්ත කොෆී එක නොබීම හේසෝක් නිවී දිහා බැලුවා,

"නිවී?"

"මට ඇහුනා ඔප්පා,  මියන්හේ හොරෙන් අහගෙන හිටියා නෙවේ "

ඇස් දෙක බිමට හරවගෙන අත් දෙකෙන්ම මග් එක තද කරලා අල්ලගෙන නිවී එහෙම කියද්දී හේසෝක් කලේ ඇස් පියාගෙන ඔලුව දෙපැත්තට වනපු එක.

"යා යා නිවී මේ ගෙදර දේවල් සිද්ධ වෙන්නේ ජින් හෙයොන්ග් ට ඕන විදිහට විතරයි ඒ නිසා යුන්ගි හෙයොන්ග් කියන දේවල් වැඩිය හිතන්න දෙයක් නෑ "
_____€___________________________

හේසෝක් එහෙම කිව්වත් නිවීට ඒවා නිකන් ම වචන ටිකක් කියලා අමතක කරලා දාන්න පුලුවන් කමක් නෑ.  දවල් නිවී තේහයුන් හිටපු තැනින් නැගිටලා මැන්ෂන් එක ඇතුලට එද්දි ම ජින් යුන්ගි ගෙන් ඇහුවේ යොන්වා එක්ක ආවම එයා  කොහොද ඉන්නේ කියලා.

තට්ටු තුනකින් සමන්විත වුන මැන්ෂන් එකේ බිම් මහල සම්පූර්ණයෙන්ම වෙන් වුනේ ලිවින්ග් රූම් එකට පැන්ට්‍රි එකට වගේම විශාල ඩයිනින්ග් රූම් එකට සහ ගෙස්ට් රූම්ස් දෙකකට.  දෙවෙනි  මහල වෙන් වුනේ full luxury family bedrooms අටකට , තුන් වෙනි මහල swimming pool එකක් play area එකකට  සහ gim එකකට වෙන් වෙලා තිබුනා.

🖤🖤Hi Mr Min🖤🖤 ||Min Yoongi || [Completed]Hikayelerin yaşadığı yer. Şimdi keşfedin