🖤🖤Hi Mr Min 🖤🖤6

Start from the beginning
                                    

සැන්විච් එකක් අතට ගන්න ගමන් හේසෝක් නිවී දිහා නොබලම,

"ඇයි නිවී හදිසියේම ගෙදර යන්න decide කලේ??"

"හදිසියක් නෑ ඔප්පා "

"නිවීට මාව ෂුවර් නෑ වගේ නේද?"

"එහෙම දෙයක් නෑ ඔප්පා "

"නෑ  එහෙම වෙන්න පුලුවන් නේ නිවී තාම හරියට දන්නෙ නෑනෙ අපි කවුද මොනවද කරන්නේ  කියලා"

"මං දන්නවා ඔප්පා "

"දන්නවා!!! සෙකියුරිටි ඔෆිසස්ලා කියලද?"

"😂😂අනී මං දන්නවා ඔයාලා සෙකියුරිටි ඔෆිසස්ලා නෙවෙයි කියලා, එදා තේහයුන් අර මිනිස්සු න්ට shoot කරපු විදියෙන්ම මට ඒක තේරුනා "

"ම්ම් ඉතින් "

"ම්හ් මං හිතනවා ජේම්ස් කැමති වෙයි ඉඩක් ලැබුනොත් ඔයාලත් එක්ක වැඩ කරන්න "

නිවී එහෙම කියන කොට සද්දෙන් හිනා වුන හේසෝක් නිවීගේ පැත්තට හැරිලා,

"මං හිතුවට වඩා නිවී දක්ෂයි එහෙනම් "
කිව්වත් නිවී කලේ හිනා වෙන එක විතරයි,  නිවී ගේ මුන දැක්කා විතරයි හේසෝක් ගේ හිනාවත් නිකන් ම අතුරුදහන් වුනා.

"නිවී,, "

"ම්ම් "

"යුන්ගි යොන්වාට ගොඩක් ආදරේ කලා ඒත්.."

හේසෝක් ඒත් කියලා හුස්මක් පහල දැම්මම ඈතක රැදිලා තිබුන නිවීගේ ඇස් කුතුහලයෙන් හේසෝක් ලග නැවතුනා.

"හාම් යොන්වා ත් ඒ විදියටම යුන්ගියට ආදරේ කලාද කියලා මට විශ්වාස නෑ නිවී "
"ඇයි ඔප්පා එහෙම කියන්නේ, මිස්ටර් මින් කියන්නේ එහෙම ලේසියෙන් රවට්ටන්න පුලුවන් කෙනෙක් නෙවේනේ "

"ඒකම තමයි නිවී මටත් හිතාගන්න බැරි "

"එයාව අවිශ්වාස කරන්න මොකක්ද ඔප්පා ඔයාලට තියන හේතුව,  ඇයි එයා මිස්ටර් මින් ව දාලා ගියේ "

"මේ දේවල් මං කාටවත් ම කියලා නෑ නිවී මොකද ඒවා ඔප්පු කරන්න සාක්ෂි මට නැති නිසා "

"ඔප්පා "

"එදා දවස මට කවදාවත් අමතක වෙන්නේ නෑ නිවී,  ගෙදර හිටියේ  තේයොනුයි කුකියි මමයි විතරයි,  හෙයොන්ග් ලා හිටියේ ලොකු ඩීල් එකකට එලියට ගිහින් , හදිසියේම  රෑ වෙන්න ඔන්න මෙන්න  තියලා යොන්වා ආවා, යුන්ගි හයූන්ග් නැති දවසට යොන්වා ට  මෙහෙට එන්න එපා කියලා තිබුනේ ජින් හෙයොන්ග්,  ඉතින් යොන්වා හදිසියේම ආපු එක අපිට ප්‍රශ්නයක් වුණා,  ඒත් යොන්වා ගෙන් හදිසියක් ද ඇහුවම කිව්වේ නෑ කියලා,  යුන්ගි හයූන්ග් නෑ කියලා දන් නැතුව ආවේ කිව්වා, ඒත් හෙයොන්ග් කලින් දවසේ රටින් පිට යනවා කියලා යොන්වා ට කෝල් කලේ මං ඉන්න තැනමයි "

🖤🖤Hi Mr Min🖤🖤 ||Min Yoongi || [Completed]Where stories live. Discover now