🖤🖤Hi Mr Min🖤🖤03

Start from the beginning
                                    

"ආහ්  මේ ඩේව් "
කියද්දී නිවී වටපිට බැලුවේ ඩේව් කවුද කියලා බලන්න, ඒත් එක්කම වාහනේ වේගේ වැඩි වෙද්දි නිවීගේ මූනට ආපහු හිනාවක් ආවා,  ඒත් ටික වෙලාවකින් වාහනේ ස්ලෝ කරලා හරවද්දි කෙල්ල ආපහු සැරයක් බෙල්ල දික් කරලා බැලුවේ මොකද කියලා,  ටික දුරක් ගිය වාහනේ ඉස්සරහින් පාර පනින ගෑණු කෙනෙක් වෙනුවෙන් නැවෙතද්දි කෙල්ල බෙල්ල දික් කරලා යුන්ගි දිහා බලලා කට උල් කරේ පාර දිහා බලාගෙන ම යුන්ගි දිවෙන් තොල් තෙත් කරද්දි...

ඒත් එක්කම ටේයොන්,

"හයුන්ග් යමු , ඉක්මනින් "

සුක්කානම ට අතින් පාරක් ගහලා යුන්ගි එක සැරේටම වාහනේ ඉස්සරහට අද්දද්දි කෙල්ලගේ නලල ඉස්සරහ ෂීට් එකේ වැදුනේ ටිකක් තදට,  කටත් ඇද කරගෙන නලල අත ගාන ගමන් පිටිපස්ස හැරිලා බලපු නිවී දැක්කේ වාහනේ පිටිපස්සෙන් එන කලුපාට ජීප් එක,  ජීප් එකේ ඉදලා ගන්ස් තුනක් aim වෙලා තිබුනේ යුන්ගිගේ වාහනේට. 

පුංචි අතුරු පාරේ එහා මෙහා යන මිනිස්සු වාහන අතරේ වේගෙන් drive කරන්න පුලුවන් කමක් යුන්ගි ට තිබුනේ නෑ,  ඒත් වාහන දෙක අතර දුර තියාගත්තේ නැත්තන් වෙඩි කන්න වෙනවා කියන එක නිවීට තේරුනා. ඒත් එක්කම නිවීට තමන් හැන්ගිලා ඉන්නේ කියන එක අමතක උනා. ඇහිපිය ගහන පමාවට ඉස්සරහ  යුන්ගිගේ ලැප් එකට පැනපු නිවී සුක්කානම අතට ගද්‍දී යුන්ගි වගේම ටේයොනුත් එක සැරේ ගැස්සිලා ගියා.
_______________________________
අතුරු පාරට වාහනේ හරවලා ඩේව්ගේ වාහනේ පේන මානේවත් නෑ කියලා දැක්ක නිසා ඉස්සරහින් පාර පැනපු වයසක ගෑණු කෙනාට ඉඩ දීලා යූන්ගි එක මොහොතකට වාහනේ ස්ලෝ කරා, ඒත් ඒ ගෙවුන විනාඩි කීපය අතර ආපහු සැරයක් ඩේව් ගේ වාහනේ පිටිපස්සෙන් මතුවෙද්දි වේගෙන් වාහනේ ඉස්සරහට ගත්තත් එහා මෙහා යන මිනිස්සු වාහන අතරේ යුන්ගිට ඕන වේගෙන් වාහනේ ඉස්සරහට ගන්න බැරි උනා.

කොච්චර චන්ඩි කම් කලත් මොකුත්ම කරගන්න බැරි අහිංසක මිනිස්සුන්ට යුන්ගිගෙන් කරදරයක් වුනේ නෑ, ඒ නිසාම තමන් කරදරේ වැටුනත් පාරේ එහා මෙහා යන මිනිස්සු ට කරදරයක් කරන්න යුන්ගි හිතුවේ නෑ, 

ඒත් හිතාගන්න බැරි විදියට පිටිපස්සෙ ෂීට් එකෙන් මතු වුන නිවී ව දැක්කම නම් යුන්ගිටත් නොදැනීම වාහනේ පාරෙන් පිට පැන්නා,  ඒත් ඊලග තත්පරේ නිවී සුක්කානම අතට ගද්‍දී යුන්ගි කරේ අත් දෙක උස්සගෙන කට ඇරගෙන බලාගෙන හිටපු එක,  ටේයොන්ගේ තත්වේත් ඊට දෙවෙනි වුනේ නෑ, 

🖤🖤Hi Mr Min🖤🖤 ||Min Yoongi || [Completed]Where stories live. Discover now