- 05 -💨

704 192 9
                                    

එදා රාත්‍රියේ ජංකුක් නැවත ගෙදර ආවෙ ලොකු හිනාවකින් ඔහුගෙ මුව සරසගෙන.. ඒ වගේම ඒ දිලිසෙන ඇස් වල ලියවී තිබුණේ ඔහුගේ මැලවී ගොස් තිබූ බලාපොරොත්තුවකට නැවත පණ ආ සලකුණු....

" ඔයා අද ගොඩක් සතුටින් වගේ පුතා... "

රාත්‍රී ආහාරය සූදානම් කරමින් සිටි තම මවව පිටුපසින් වැලදගත් ජංකුක් ඇයගේ කම්මුලකින් පුංචි හාදුවක් තැවරුවේ ඔහුගේ හදවතේ පිනුම් ගහන අසීමිත සතුට නිසාමයි...

ජංකුක් ගේ මේ හදිසි වෙනස් වීමෙන් පුදුමයටත්, සතුටටත් පත් ඔහුගේ මව තම කාර්යයද මදකට නතර කර ජංකුක් වෙත සම්පූර්ණ අවධානය ලබා දුන්නා...

" ඔව් ඔම්මා මං සතුටින්...
ගොඩක් සතුටින්... "

" මොකද්ද හේතුව...
ඇයි අද Banpo bridge එකේ rainbow show එක කලින් අවුරුදු වලට වඩා වෙනස් ?? "

" නෑ ඔම්මා ඒක නෙවෙයි...
මට අද නැතිවුණු දෙයක් හම්බුනා... "

" නැතිවුණ දෙයක් !!
පේන විදියට ඒක ඔයාට ගොඩක් වැදගත් එකක් වගේ.. "

" හරියටම කිව්වොත් ඒක දෙයක් නෙවෙයි කෙනෙක්...
ඔව් මට එයාව ගොඩක් වැදගත්.. "

" ඉතින් කවුද ඒ ?
ඔම්මට කියන්න පුළුවන් ! "

" ඔම්ම ඔයාට මතකද අර මගේ Collage එකේ හිටපු යාලුව...
එයාගෙ ඔම්මා අසනීප වුණු නිසා ඉගන ගන්න එකත් නතර කරල ඩේජු ගියේ.."

" අහ්හ් ඔයාගෙ crush එකද! "

" yaaa ඔම්මා.."

" ඇයි ඉතින් මං ඇත්තනෙ කිව්වෙ...
ඔච්චර ලේසියෙන් වචනෙන් දෙකෙන් කියන්න තියන එකට අර තරම් විස්තරයක් කිව්වෙ... "

" හරි හරි ඉතින්... "

" ඉතින් දැන් කොහොමද ඒ ළමයට...
එයාගෙ ඔම්මට කොහොමද ! "

මවගේ ඒ ප්‍රශ්න කිරීමත් එක්ක, ජංකුක්ට ටේහියුන් හමු වූ ආකාරයත්, ඔහු සමග කෝපි කෝප්පයක් රසවිඳින ගමන් විනාඩි කීපයක් තුලදි ඔහුගෙන් දැනගත් හැම තොරතුරක්ම ජංකුක් තම මව හට පැවසුවා.

" අනේ පවු ඒ ළමයා..."

" ඔව් ඔම්මා...
එයා කැමති නෑ තවත් එයාගෙ hyung ට කරදර කරන්න.. hyung ට පොඩි ළමයෙක් ඉන්නවලු දැන්.. ඒකයි එයා ආපහු සෝල් ඇවිත් තනියම සල්ලි හොයන්නෙ.. "

" එයාව වෙලාවක මෙහෙ එක්කන් එන්න ජංකුක්...
ඔයා මට ඒ ළමය ගැන ඇති පදම් විස්තර කියල තිබ්බත් තාම මං එයාව ඇස් දෙකට දැකලා නෑනේ.."

" අනිවාර්යයෙන්ම ඔම්මා... මං එයාව ඔයාට මුණගස්සන්නම්. "










------------











අනෙක් පසින් ටේහියුන්....

ඔහුත් ජංකුක්ව නැවත මුණගැසුනු එක ගැන අසීමිතව සතුටු වුණා... ඊටත් වඩා ජංකුක්ට තාමත් ඔහුව හොදින් මතක තිබුණු එක ගැන,,, ඒ වගේම ඔහුට අමාරුම අවස්ථාවක බලෙන්ම උදවු කරපු එක ගැන,,, අතහැරී ගිය යාලුකම් නැවත ශක්තිමත් වීම ගැන ඔහු බොහෝ සතුටු වුණා.....

ඒත් ඔහුගේ හිතේ දැන් යම් චකිතයක් පැන නැගුණා...

' මාව තවත් එයාට ගැලපෙනවද !?

දැන් මම මගේ හැඟීම් ගැන එයාට කිව්වොත් එයා මාව පිළිගනීද !

ඊටත් වඩා මට එයාව දුකක් නොදී බලාගන්න තරම් හැකියාවක් දැන් තියනවද ! '

පුංචි බෝඩිම් කාමරේ නාන කාමරය තුල, සීතල වතුර පහරකට යටවී සිටි ටේහියුන් දිගින් දිගටම හිතුවා...

පුංචි බෝඩිම් කාමරේ නාන කාමරය තුල, සීතල වතුර පහරකට යටවී සිටි ටේහියුන් දිගින් දිගටම හිතුවා

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.









.
.
.
.
Continue your reading! 💨

Thank you for reading & voting
Sorry for mistakes 💜💜

ᴸᵃˢᵗ ᵇʳᵉᵃᵗʰ  | ✔✔Tempat cerita menjadi hidup. Temukan sekarang