8

303 83 17
                                    

Jung jiwoo

යුනිවර්සිටි එකෙන් එලියට ආපු ගමන් මන් කැෆෙ දුවගෙන ගියේ නැත්තං එතන ඉන්න අජුම්මාගෙන් බැනුම් අහන්න වෙන නිසා. කොහොමහරි හතට කිට්ටු වෙද්දී මන් එතන වැඩ ඉවර කරලා එළියට ආවේ ගෙදරට බඩු වගේකුත් ගන්න තියෙන නිසා. එච්චර ගොඩක් කෑම බීම ඕනේ වෙන්නේ නෑ මොකද මන් තනියෙන් ජීවත් වෙන්නේ. ඔම්මලා ඉන්නේ බුසන්වල නිසා එයාලා ලේසියකට මාව බලන්න එන්නේ නෑ මන් ගියොත් ඇරෙන්න. වෙනදා වගේම අට වෙන්න කලින් මන් ඉක්මනට ගෙදරට ගියේ යුනි එකේ වැඩ වාගයක් කරන්න තියෙන නිසා. ගෙදර ගිහිල්ලා කාල එහෙම ලැප් එක ඔන් කරේ වැඩ ටික කරන්න ඒත් අද නම් ගෙදර ඉඩම් කරන්න වෙන්නේ නෑ වගේ පල්ලෙහා තට්ටුවේ ඉන්න ජෝඩුව අදත් රණ්ඩු කරනවා එහේ ඉන්නේ newly married couple එකක් උනත් මට හිතුනේ එයාලා රණ්ඩු කරනවා වැඩි කියලා. ඔව් හිතුවා හරි මේ ගෙදර උඩ තට්ටුව මට පල්ලෙහා තට්ටුව එයාලට. කොහොමත් තනියෙන් ඉන්න මට වැඩිය ලොකු ඉඩක් ඕනේ වෙන්නේ නෑනේ.

මට පාඩුවේ වැඩක් කරගන්න වෙන්නේ නැති නිසා මන් එහෙන්ම ලැප් එකයි පොත් ටිකත් අරගෙන ගියේ එළියට මට මේ ලෝකේ ලොකුම නිදහසක් දැනෙන තැන. හන් ගග. මන් මෙතෙන්ට කොච්චර ආසද කියනවා නම් මන් වැඩියෙන්ම කාලය ගත කරන්නේ මෙතන. තවත් පරක්කු නොකර මගේ වැඩ ටික කරන්න පටන් ගත්ත මන් එක දිගට පැය ගානක් වැඩ කරා. එතන හිටපු මිනිස්සු එකින් එක අඩු වෙලා අතේ ඇවිලී ගානට තමා කට්ටිය ඉතුරු වෙලා හිටියේ මන් එක ගැන ලොකුවට තැකීමක් නොකර මගේ වැඩේ කරගෙන ගියා.   ඒත් එක්කම වගේ මට අඩි සද්දයක් ඇහුණා ඒත් මට ඒ කවුද කියන එක වැදගත් නොවුනත් මට බලන්න හිතුනා ඉතින් මන් පොඩ්ඩක් ඔලුව උස්සලා බලද්දී දැක්කේ පිරිමි ළමයෙක්ව ඒත් එයා හරියට ගෝනිබිල්ලාගේ මල්ලි වගේ කළු ඇදන් හිටියේ දැක්ක ගමන් හිතුනේ K-pop idol කෙනෙක් වෙන්න ඇති කියලා ඒත් එහෙම වෙන්න විදිහක් නෑ නේ කියලා හිතුනා නිසා ආයෙත් මන් මගේ වැඩේට බැස්සා. ටික වෙලාවක් එහෙමම ඉද්දී මට දැනුනා මන් දිහා කවුරුහරි බලන් ඉන්නවා ඉතින් මන් ඒ පැත්ත හැරුනාම දැක්කේ අර ගෝනිබිල්ලා මන් දිහා බලාගෙන ඉන්නවා.

කාටවත් ලේසියකට ලොකුකම් පෙන්නන්න යන්නේ නැති මන් එයටත් මගේ සුහදශීලී හිනාව දැම්මා. එයත් මට ආපිට හිනා උනත් ඒක එළියට නොපෙනුනේ එයා මාස්ක් එකක් දාගෙන හිටපු නිසා. මන් ආයෙත් මගේ වැඩේ කරන් යන්න ලැප් එකට ඔලුව පාත් කරත් මට එයා දිහා නොබලා ඉන්න බැරි උනා. මට එයාව දකිද්දී හරිම හුරුපුරුදු ගතියක් දැනුනා. ' Yoongi oppa ' මට ඉබෙටම කියවුණේ මේ ඉන්නේ එයා නේද කියලා මගේ හිත කෑගහද්දි  මන් තහවුරු කරගන්න ආයෙත් එයාදිහා බලද්දී එයා හිටියේ ඇස් දෙකත් වහගෙන බෙන්ච් එකේ ඔලුව හේත්තු කරගෙන බර කල්පනවක ඉතින් මටත් මීට වඩා ලොකු අවස්ථාවක් ආයෙත් එන්නේ නැති නිසා මන් එයාගේ මූන දිහා එක එල්ලේ බලන් හිටියා

Memento (Completed) Waar verhalen tot leven komen. Ontdek het nu