🖤🖤Hi Mr Min🖤🖤 01

ابدأ من البداية
                                    

වාහනේ හයි වේ එකට දාලා නිදහසේ යන්න ගත්තම හරිබරි ගැහිලා වාඩිවුන යුන්ගි කෙල්ල දිහා බලද්දි ආපහු සැරයක් කොල්ලගේ ඇස් දෙක උඩ ගියේ කෙල්ල ඇදගෙන ඉන්නේ bridal dress එකක් කියලා දැක්කම....

"යා යා තමුන් පැනලා යනවද ආ"

යුන්ගි දිහාවට හැරිලා මෝඩ හිනාවක් දාපු කෙල්ල ආපහු ඉස්සරහ බලාගත්තේ කොල්ලා කට ඇරගෙන බලාගෙන ඉද්දි...

" ආයිෂ් තමුසේ දන්නවද දැන් මේ කාත් එක්කද යන්නේ කියලා?"

"අනී මොකක්ද ඔයාගේ නම, මං නිවී චෝයි නිවී "

"මින් යුන්ගි 😏"

ඉස්සරහ බලාගෙන කට කොනකින් හිනා වෙන ගමන් යුන්ගි තමන්ගේ නම කිව්වේ නම කිව්ව පමාවට යුන්ගි ව නොදන්න කෙනෙක් නැති නිසා, ඒත් ඊලග තත්පරේ,

"හායි මිස්ටර් මින්, කොහෙද ඔයාගේ ගෙදර තියන්නේ "

"තමුන් ඔය කියන්නේ මාව දන්නේ නෑ කියලද?"

කෙල්ල උරහිස් ඇකුලුවේ නෑ කියන්න, අත මිට මොලවාලා දනිසට පාරක් ගහ ගත්ත යුන්ගි තොල හපන ගමන් කෙල්ල දිහාවට හැරුනා,

"ඉස්සරහින් හයිවේ ඉවර වුන ගමන් අයින් කරලා නවත්තනවා "

"වේ මගේ driving හොද නැද්ද? First time උනාට මං හොදට කලානේ"

මූන එල්ලගෙන කෙල්ල එහෙම කියද්දී,

"මො මෝ තමුසේ කියන්නේ මේ වාහනයක් drive කරපු පලවෙනි පාර කියලද?"

"අනී මං ඕන තරම් drive කරලා තියනවා vedio game වල"

"යා යා තමුසේ කාටද වැඩ කරන්නේ ආ"

"ආ කාට වැඩ කරන්නද?"

කෙල්ල ගනන් ගන් නැතුව ආපහු ඉස්සරහ බලාගද්දි යුන්ගිගේ ඉවසීම නැති වෙලා ගියේ කවුරු හරි කෙනෙක් කෙල්ලව එවලා කියලා හිතුන නිසා, ඒත් එක්කම එක අතකින් ස්ටියරිං වීල් එක අල්ලගෙන අනිත් අතින් කෙල්ලගේ බෙල්ල අල්ල ගත්ත යුන්ගි ටිකෙන් ටික බෙල්ල තද කරද්දි කෙල්ල ඇස් දෙක උඩ තියාගෙන හුස්ම ගන්න දැගලුවා...

එහෙමම වාහනේ අයින් කරලා නවත්තපු යුන්ගි බැහැලා ඇවිත් අනිත් පැත්තේ ඉදපු කෙල්ලවත් ඇදලා බිමට ගත්තේ කෙල්ල කදුලු පිරුණු ඇස් වලින් බෙල්ල අල්ල ගෙන ඉද්දි,

🖤🖤Hi Mr Min🖤🖤 ||Min Yoongi || [Completed]حيث تعيش القصص. اكتشف الآن