මම වසර දහස් ගණනක් කුසගින්නේ හිටපු පේරේතයා වගේ කන්න පටන් ගද්දි මම නිකමට යුන්ගි ලා ගිය පැත්ත බැලුවා.

ඈතට වෙන්න යුන්ගි යි තේහ්යුනුයි දෙන්නා හොඳ පුටු දෙකක ඉඳගෙන මොනාදෝ බොන ගමන් ලොකු කතාවක, මම බලපු ගමන් ම වගේ දෙන්නම මගේ පැත්ත බැලුවා.

තව ටිකෙන් කකා හිටපු ඩෝනට් එක හිරවෙලා එතනමයි..

තේහ්යුන් නම් හිනාවේගනම මට වතුර බෝතල් තිබුනු තැන පෙන්නලා බොන්න කියලා ද කොහෙද අතින් පෙන්නුවා. ඔව් ඉතින් නැතුව ඕක අරගෙන ඔලුවෙ හලාගන්න කියන්නෑනේ..

සමහරවිට යුන්ගි එහෙම කලා නම් එහෙම අදහසක් වෙන්නත් තිබ්බා.

අනේ මන්දා එයාව තේරුම් ගන්න හදනවට වඩා හොඳයි පුරාණ ග්‍රික භාෂාව ඉගෙන ගෙන ග්‍රික සාහිත්‍ය ‍ය කාව්‍ය ගැන පුළුල් අධ්‍යනයක් කරන එක අවංකව ම..

මමත් අසරණ හිනාවක් දාලා වතුර එකක් අතට ගත්තා.

යුන්ගි නම් තාමත් අමුතු විදිහට බලාගෙන හිටියා.

•••••••••••••••••••••••••••••••••••••••••••••••

ටිකක් දිග break එකකට පස්සෙ අපි ආපහු ශූටින්ස් පටන් ගත්තා.

තේහ්යුන්ග් නම් ඇත්තටම ලොකු උදව්වක් දුන්න නිසා shots ලේසියෙන්ම ගන්න ලොකු අමාරුවක් වුනේ නැහැ, ඒත් ඉතින් මං එයා ගාවට වැඩිය යන්නෙ නැතුව හිටියා.

මොකද යුන්ගි shoot එකෙ හිටියත් මේ පැත්ත බල බල හිටපු හන්දා, එහෙම එයාට බයකට හෙම නෙවෙ, මොකද මගේ ලොකු තාත්තා නෙවේනේ....

එයා සමහර විට මං තේහ්යුන්ග් ව දැලේ දාගන්න හදනවා කියලා හිතුවද දන්නෑ, ඔව් ඉතින් එහෙම හිතන එකෙ පොඩි සාධාරණ සැකයක් තියෙනවා තමයි...

මං කියන්නෙ....එයා මාරම පෙනුමයි නේ..

"It's a wrap..."

Video shoot එක ත් අපි කොහොමහරි කරගත්තා.
අපි වැඩේ ඉවර වෙන්න මිනිත්තු ගානකට කලින් යුන්ගි ගේ shoot එක ඉවර වුනා.

යන්න කලින් තේහ්යුන්ග් ගාවට ඇවිත් කතා කරලා , මුණවත් නොබලා හැම පැත්තට bow කරලා එයා යන්න ගියා.

One Night Love At London  ( COMPLETED )Hikayelerin yaşadığı yer. Şimdi keşfedin