💚 Chapter 16 💚

Start from the beginning
                                    

" පුතා ... ඔයාට කොහොමද. "

අම්මා අඬ අඬම ඇවිත් මාව බදා ගත්තා. අම්මගෙ තුරුළෙ ඉන්නකොට මගේ තුවාල වේදනාව මට මොහොතකට අමතක වෙලා ගියා. ඒත් ඒක වැඩි වෙලා නොතිබුණේ මන් තාම අචී හොඳින්ද කියලා දන්නෙ නැති නිසා.

" අම්මා අචී .......... එයාට කොහොමද."

මන් අහපු දේට උත්තර දුන්නෙ මෙච්චර වෙලා මගේ ඇඳ ළඟට වෙලා හිටිය කුකී.

" එයාට තාම සිහිය නෑ 😟 "

" මට එයාව බලන්න ඕන. කෝ එයා. "

මන් එහෙම කියාගෙනම බොහොම අමාරුවෙන් ඇඳෙන් නැගිට්ටා. කුකීයි අම්මයි මට එපා කියද්දිම මන් කොරිඩෝ එක දිගේ පිස්සෙක් වගේ දුවගෙන යද්දි දැක්කෙ මැෂින් ගොඩක් මැද ඉන්න මගේ අචී. අරෝයි ෂනූයි බිම වාඩි වෙලා එයා දිහා බලන් ඉන්නවා. එයාලා දැක්කම පේනවා හුඟ වෙලාවක් තිස්සෙ එයා අඬලා කියලා. මාත් එතනින්ම බිමින් ගිහින් වාඩි වුණේ වෙච්ච කිසිම දෙයක් හිතා ගන්න බැරුව.

" ටේ... ඔයාට දැන් කොහොමද. "

අරෝ මාව දැකලා පුදුමෙන් වගේ ඇහුවා. ඔව් ඉතින් මන් තාමත් පේෂන්ලා අඳින ඇඳුම ඇදන් හිටිය නිසා එයා පුදුම වෙන්නැති. මන් ඔළුව වැනුවෙ මට හොඳයි කියලා කියන්න වගේ. මගේ තුවාල ඉක්මනට හොඳ වෙනවා කියලා මට දැනුණා. ඒත් තාමත් අචී ඒ විදියමයි. හෝසොක්තුත් අපි ළඟින් ඇවිත් වාඩ් වුණා. හෝසොක් කිව්ව විදියට මන් එයාටයි කුකීටයි අචී ඉන්න තැන කලින් කිව්වම එයාලත් ඒ කැලේ මැද තිබුණ ලී වලින් හදලා තිබිලා තියන ගේ ළඟට ඇවිත්. ඒ වුණත් ඒ වෙද්දි කිසිම කෙනෙක් එහෙ ඉඳලා නෑ. ඒත් එයාගෙ කුකීගෙයි ඉවට මගෙයි අචීගෙයි ඉව දැනිලා තියනවා. එයාලා ඒ ඉව දිගේ ඇවිත් තමයි අපිව හොයා ගෙන තියෙන්නෙ. මන් මින්සුක් ගැන අහද්දි එයාලා කිව්වෙ මින්සුක් ගැන කිසිම ආරංචියක් තාම නෑ කියලා.

අරෝයි ෂනූයි අචී කියාගෙන වාඩි වෙලා හිටපු තැනින් නැගිටලා ගියේ අචීට සිහිය ආව නිසා. මාත් එසැණින්ම දුවන් ගියේ එතනට.

Tae pov end.

" මගෙ ආචියා.."

ෂනූ පුදපු ගමන් කාපි යකා කියලා අචීව බදාගන්න හදද්දිම වටේ පිටේ අය එකතු වෙලා එයාව නතර කර ගත්තෙ බොහොම අමාරුවෙන්. කට්ටිය පොඩ්ඩකට අචී හිටිය රූම් එකෙන් එළියට ගියේ අචීටයි ටේටයි ටිකක් තනියම ඉන්න දීලා.

 - කෑකෝ ගෙදර with අයිතිකාරයා - (✓)Where stories live. Discover now