ලොකු බයක් දැනෙද්දි මම ඔහේ ඒ දිහා බලාගෙන හිටියේ මොනා කරන්නද කියලා හිතාගන්න බැරුව..

"ඔයා නැගිට්ටද ? " මගේ ලගින්ම පිටිපස්සෙන් ඇහුනා.

මම අංශක අනුවම හැරෙද්දි යුන්ගි හිටගෙන හිටියා. අපි දෙන්නා අතර තිබුනේ සෙන්ටිමීටර ගානක දුරක් විතරයි.

එයා අලුත් ඇඳුමකුත් ඇඳගෙන කැප් එකකුත් දාගෙන අතේ මොනාද මන්දා මලු වගයක් උස්සගෙන හිටියා. මං කොයිතරම් කල්පනාවේ ඉඳලද කියනවනම් මට දොර ඇරෙනවා වත් ඇහුනේ නැහැ.

එයා මේ පොඩ්ඩක් ලග තියෙන කඩේකට ගිහිල්ලා..

"කොහෙද ...මනුස්සයෝ යන්නෙ ... මං හොඳටම.... මං..."

මම ආපු ආවේගෙට කෑගහන්න ගත්තත් මගදි මගේ කටහඩ බිදෙන්න ගත්තා. මං කට කාගෙන එයාට දෙසන්න කියලා පටන්ගත්තට මගේ ඇස්වලට කදුලු පිරුණා. එයා හොඳින් කියලා දැනගත්තම මට දැනුනෙ පුදුම සැනසීමක් , ඊටත් වඩා මම එයා ගැන සෑහෙන්න බය වෙලා කියලා මට තේරුම් ගියා.

යුන්ගි ආතක් පාතක් නැතිව මගේ දිහා බලාගෙන හිටියා.

මම ඉක්මනටම අනිත් පැත්ත බලාගත්තෙ පොලව පලාගෙන යන්න තරම් ලැජ්ජා හිතෙද්දි..
කදුලු නැතිවෙනකම් මං උඩ උඩ බල හිටියා.

එයා මේ මොන විකාරයක් ද කියලා බලන්න ඇති මං අඬන්න තියාගත්තම..

"මං මේ...... " එයා මගේ ලගින්ම ඇවිත් එයා ගෙනල්ල තිබුන කිරි එක මේසෙ උඩින් තියලා එහෙම්මම හිටගත්තා.

එයා මගේ ඔලුවට තට්ටුවක් දාලා මගේ මූණට එබුනා.

"යා......." එයා හිනාවෙන්න ගත්තෙ මං එයාගෙන් අනිත් පැත්තට හැරෙන හැරෙන පාරට ඒ පැත්තට හැරෙන ගමන්..

අන්තිමේදි මම එයා දිහා රවලා බැලුවා. එයා හිනාවෙන එක නම් නැවැත්තුවෙ නැහැ,

" කමු....."
ආපහු මගේ ඔලුව ට හෙමීට තට්ටුවක් දාලා එයා කිව්වා.
.
.
.
.
"කෑම රසයි...."
මම කියාගත්තා.

ඇත්තටම එයාට හොඳට උයන්න පුලුවන්, අනිත් එක කොරියන් කෑම වලට මහ අමුතු පෙරේතකමක් මට මේ දවස් වල කාපු නිසාම ඇතිවෙලයි තිබුනෙත්..

One Night Love At London  ( COMPLETED )Where stories live. Discover now