💚 Chapter 14 💚

Start from the beginning
                                    

" ආචියා කොහෙද බන් ඉන්නෙ. දොර ඇර ගන්න බෑ යකූ. යතුර කෝ බම්. අර බොගේ අලි පැටියත් නෑ. ගෙදර වරෙව් යකුනේ. මට සූ බරයි බන්. වොෂ්රූම් යන්නත් ඕන. දැන් නම් මෙතනම යන්න වගේ.🤧 හුවෑ කෝ කතා කරපිය. "

මන් කෝල් එක ආන්ස්වර් කරා විතරයි ෂනුවා එක්ස්ප්‍රස් කෝච්චියක් වගේ හෝ ගාලා කියවන් ගියා.

" ඒයි ඉඳහන් ටිකක්. යතුර පාපිස්ස යට ඇති බලපම්. "

" නෑ යකූ මන් බැලුවා. "

" එහෙනම් ඔය ඉස්සරහ මල් පෝච්චියක් අස්සෙ බලහන්. "

" නෑ යකූ මල් පැල ටික ගැලෙව්වෙ නැති ටික විතරයි මන්. 🤧 "

" එහෙනම් ඔන්න ඔය දොරට දායි ගාලා පයින් පාරක් ගහපන්. මතකනෙ මන් මෙහෙ ආපු පලවෙනි දවසෙ ගැහුවෙ. "

" අඩේ දොර ඇරුනා බන් 😂 උඹ කොහෙද ඉන්නෙ බන්. "

" මන් හොස්පිටල්. කුකී හෝස්පිටල් ඇඩ්මීට් කරලා. "

" මොකක්... මන් හිතන්නෙ හෝසොක් සර් තාම දන්නෙ නෑ. "

" ඔයාට හෝසොක් සර්ව හම්බුනාද. "

" ඔව්. "

ෂනුවා එද්දි හෝසොක් සර් යුනිවර්සිටි එකේ ලයිබ්‍රි එකේ හිටියලු. මන් ආපහු ෂනූට යුනි එකට යන්න කියලා කිව්වෙ එයාගෙ ෆෝන් එක ඕෆ් කරලා නිසා තාම කුකී ගැන දන්නෙ නැති නිසා.










" කුකී 😢 "

කුකීට සිහිය ආපු ගමන් රෝස් දුවලා ගිහින් කුකීගෙ ඇඳ ළඟින් දන ගහගෙන කුකීගෙ මූණ පුරා පුංචි පුංචි හාදු වැස්සක් එකතු කරේ තාමත් ඇස් වලින් කඳුළු වැටෙද්දි. කුකීගෙ මූණෙ රෝස්ගෙ කඳුළු තැවරෙද්දි කුකී ඒ ⁣ලස්සන රෝස පාට මූණ අත් දෙකින්ම අල්ලන් ඒ ඇස් වල කඳුළු පිහි දැම්මා.

" අනේ මන් හිතුවෙ ඔයා නැගිටින එකක් නෑ කියලා "

" අඬන්න එපා මැනික. දැන් සේරම හරිනේ. "

⁣කුකී එහෙම කියන ගමන් ඇස් වලින් ටේට සන් කරේ එයාගෙ ළඟට එන්න කියලා වගේ.

" කුකී මොකද වුනේ බන් "

" මින්සුක්ගෙ එකෙක්. ඌ දන්නවා අචීව මෙච්චර කල් බලාගත්තෙ මිස්ටර් කිම් කියලා. මන් පාක් එකේ ඉද්දි දැක්කා මින්සුක් පාක් එකේ ඉන්නවා. මාත් හෙමින් ගිහින් හොරෙන් මිනිසුක් ළඟට වෙලා හිටියා. මිනිහා එක්ක තව එකෙක් හිටියා. මට ඌ අචී ගැනයි මිස්ටර් කිම් ගැනයි කියනවා ඇහුණා. කෝ දැන් අචී."

 - කෑකෝ ගෙදර with අයිතිකාරයා - (✓)Where stories live. Discover now