💚 Chapter 13 💚

Start from the beginning
                                    

***********************************************************

" කිම් ඔයා ඇයි අපිට මේක නොකිව්වෙ. ඔයා දන්නවද මමයි පුතායි ඔයාව කොච්චර හෙව්වද කියලා .. ඔයාට නිකමටවත් අපිව බලන්න හිතුනෙ නැද්ද. "

" මියානේ.... මම එහෙම කරානම් ඔයාලට අනතුරක් වෙන්න තිබුණා. අද වුණත් මට ඔයාලව හම්බුණ එක අහම්බයක් නෙමෙයි. ඔයාලා නොදැන හිටියට මන් ඔයාලා ගැන හැම දෙයක්ම දැනන් හිටියෙ. මන් එයාව තනියම මෙහෙ යුනිවර්සිටි එව්වෙත් ඔයාලා මෙහෙ ඉන්නවා කියලා දැන දැනමයි. "

" ඇයි ඔයා එහෙම කළේ. "

" මින්සුක් හිතන් ඉන්නෙ මමත් එදා මැරුණා කියලා. ඒත් මන් එදා අචීව අරන් එතනින් පැන ගත්තා. මට ආපහු ඔයාලා ළඟට එන්න බැරි වුණේ මුල් අවුරුද්දම මන් අචීව අරගෙන එයාට බෙහෙත් කරන්න එක එක රටවල් වලට එයාව එක්ක ගිය නිසා. පස්සෙ මන් ඔයාලා ගැන හොයලා බැලුවා. ඒ්ත් මන් ඔයාලා එක්කම කිසිම සම්බන්ධයක් තියා ගත්තෙ නැත්තෙ ඒක මින්සුක් දැන ගත්තොත් ඔයාලව ඇපේට තියලා එයා මාව ගෙන්න ගන්න ඕන දෙයක් කරන්න පුළුවන් මිනිහෙක් නිසා. ඒකයි මන් මැරුච්ච මිනිහෙක් විදියට ජීවත් වුණේ. ඒ වගේම මට ලෝටස් පැක් එකේ අන්තිම උරුමක්කාරයා ආරක්ෂා කරගන්නත් වුණා. ඉතින් මන් එයාට අප්පා වුණා ... "

" කිම් ඔයා අපේ පුතාට කතා කරාද. "

" එයා මාව දැකලා යන්න ගියා... එයාගෙ ඇස් වල මන් දැක්කෙ ලොකු කේ්න්තියක්. කෝ දැන් එයා. "

" එයා විල ළඟ. ගිහින් කතා කරන්න. එයාට මේක දරා ගන්න අමාරු ඇති. "

" හරි. "

ටේගෙ අප්පා විල ළඟ⁣ට යනකොට දැක්කෙ බංකුවක් උඩ වාඩි වෙලා හිස් බැල්මකින් අහස දිහා බලන් ඉන්න ටේව. අද අහස පුරාම තරු පිරිලා. ටේ අහස දිහා බලන් හිටියෙ ඒ තරු අස්සෙ අතරමං වෙලා වගේ.

" ටේ මියානේ ... "

ටේගෙ අප්පා ටේට කතා කළත් ටේ කරපු එකම වැඩේ අහස දිහා බලන් හිටිය එක. රෑ වෙලා අඳුර වැටිලා තිබුණු නිසා ඒ වෙලාවෙ ටේගෙ ඇස් වල තිබුණු කේන්තිය, දුක, තරහ හැම දෙයක්ම ඒ අඳුරත් එක්ක⁣ පෙනුණෙ නෑ.

" අප්පා ඔයා අපිට ආ⁣දරේ නැද්ද. "

" මන් මගේ පණටත් වඩා ඔයාලා දෙන්නට ආදරෙයි පුතේ. මගෙ ජීවිතේ ඔයයි අම්මයි. ඒ වගේම අචී. "

 - කෑකෝ ගෙදර with අයිතිකාරයා - (✓)Where stories live. Discover now