ආහ් අහ්හ්...මෙන්න මෙයා රතු වෙනවා.

සූබින් ටේගේ පිටට තට්ටු දාන ගමන් ටේට විහිලු කලා.

කට්ටියම ප්ලේන් එකට නැගලා..එයාලගේ සීට් වලට ගියා...ටේකුක් දෙන්නා අද කොරියාවට සමු දීලා අලුතින් ජීවිතේ පටන් ගන්න ඕස්ට්‍රේලියා යනවා..ටේගේ හිතේ ආයෙම කොරියාවට එන්න පුංචි බලාපොරොත්තුවක් තිබුනා..ඒත් ජන්ග්කුක්ට ආයේ කිසිම ආසාවක් නෑ කොරියාවට අඩිය තියන්නවත්..විදපු දුක ඇති කියලා ජන්ග්කුක් හිනා වෙලා අලුත් ජීවිතේට මූන දෙන්න ලෑස්ති උනා.

මැනික....

හියොන්ග්...

ජන්ග්කුක් සීට් එකේ වාඩි වෙලා ටේගේ අත තද කරලා අල්ලගත්තේ ටේගේ ඇස් දිහා ආදරෙන් බලාගෙන.

මැනික බය වෙලාද?

නෑ..ඇයි මම බය වෙන්නේ හියොන්ග් ඉන්නවනේ...

ටේ ජන්ග්කුක්ගේ අත බදාගන්න ගමන් හිනා වෙලා කිවුවා.

බය වෙන්න එපා...මම පොරොන්දු වෙනවා මගෙ ටේව රෝස මලක් වගේ බලාගන්නවා කියලා.මාව විශ්වාස කරන්න.

ජන්ග්කුක් ටේගේ ඔලුව ආදරෙන් ඉම්බා...දැක්ක දවසෙම හිතට දැනුන ජන්ග්කුක්ගේ පලවෙනි ආදරේ ටේ...ඒක ලේ බැදීමටත් වඩා ගනකම බැදීමක්...ඒ ආදරේ ඇතුලේ හැමදේම අඩුවක් නැතුව තිබුනා.

.
.
.
.
.
.
.
.
.
.
.
.
.

TIME SKIP🔅

පැය ගානක ගමනකින් පස්සෙ එයාලා පස් දෙනාම ඕස්ට්‍රේලියාවට ආවා..ජන්ග්කුක් ලගින් සුබින් හිටියා වගේම ටේ ලගින් යූන්මින් දෙන්නම හිටියා..ටේකුක් දෙන්නට එයාලගේ යාලුවෝ ලොකු හයියක් උනා..ජිමින් ඇත්තටම හොද යාලුවෙක්..

නෑ ....ජිමින් ටේට යාලුවෙක්ට එහා ගිය සහෝදරයෙක්.

කට්ටියම එයාපෝට් එකේ ඉදලා හොටෙල් එක්කට ආවා..හෙට ජන්ග්කුක් ටේගේ වෙඩින් එක.වෙඩින් එකේ ඔක්කොම වැඩ ගැන බැලුවේ සූබිනුයි යූන්මින් ඩබලයි..එයාලා තමයි ඒකට ගොඩක් මහන්සි උනේ.ජන්ග්කුක් ටේ දෙන්නට තිබ්බේ වෙලාවට අවශ්‍ය තැනට එන එක විතරයි.

හෙට වෙඩින් එක නිසා..සූබිනුයි ජිමිනුයි තීරනය කලා..ටේවයි ජන්ග්කුක්වයි රූම් දෙකකට දාන්න.

𝐌𝐘 𝐒𝐓𝐄𝐏𝐁𝐑𝐎𝐓𝐇𝐄𝐑  (𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊)ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now