"යාහ් හ්යොන් උයලා නැතුව මොකටද කෑම සීතල වෙනවා කියලා කෑගැහුවේ"

"යාහ් ජොංකුක් මන් මේ සුප් හදනවා පේන්නේ නැද්ද යුන්ගියට...තමුන්ලටත් එකම හදලා තියෙන්නේ ඒත් ඒක තාම ලිපේ තියලා නෑ තමුන්ට ඕන්නම් තියාගන්නවා"
රැප් එකකටත් වඩා වේගෙන් ජීන් කියාගෙන ගියපු නිසා කුකී අන්දමන්ද වෙලා වගේ ජීන් දිහා බලන් හිටියේ කියපු දේ තේරුම් ගන්න වෙලාව ගන්න ගමන්.....

"අපෝ හා හා තියාගන්නවා තමයි...මොකද ඕක මහ වැඩක් යැයි"
ජීන්ටත් ගස්සගෙනම කුකී එයාගේ වැඩ ටික කරන්න පටන් ගත්තා...
කුකී නැත්තම් මාෆියා ලෝකේ JK ෆයිටර් කෙනෙක්, club owner කෙනෙක් වගේම TATU guardian.....

"හ්යොන් වතුර ටිකක් දෙන්නකෝ"
පිටිපස්සෙන් ඇහිච්ච සද්දෙට ජීන්කුක් දෙන්නා ගැස්සිලා පිටිපස්ස බැලුවා.....

"යාහ්..."
"හ්යොන්"
ජීන්කුක් දෙන්නා කෑගහුවේ එයාලගේ ඉස්සරහ හිටගෙන හිටපු යුන්ගි නිසා...සේලයින් එකත් ගලවලා දාලා තාමත් සුදුමැලිවට හිටපු යුන්ගිට නම් එයාගේ තුවාලය ගැන කිසි ගානක් තිබුනේ නෑ...

"කොයිවෙලේද සිහිය ආවේ..ඇයි මට කතා නොකරේ..සේලයින් එකත් ගලවලා දාලා මෙතනට ඇවිදගෙන ආවේ මොකටද..තුවාලේ තාම හොදත් නෑනේ"
ජීන් යුන්ගිව අල්ලගෙන කතා කරේ කණගාටුදායක කටහඩකින්....

"මන් හොදින් හ්යොන්...සිහිය ආව ගමන් තමයි ඔයාලව හොයාගෙන ආවේ..මට වතුර ටිකක් දෙන්නකෝ"
යුන්ගි ආයෙත් සැරයක් වතුර ඉල්ලද්දී කුකී ඉක්මන් කරලා යුන්ගිට වතුර ටිකක් ගෙනත් දුන්නා.....

"කෝ හ්යොන් ජීමින් මට ටිකක් කතා කරන්න ඕන....ඔය කෑම ටික හදලා ඉවර උනාම ඔයාලත් එන්න මන් ලිවින්ග් රූම් එකෙන් ඉන්නම්"
යුන්ගි ආයෙමත් ලිවින්ග් රූම් එක පැත්තට යද්දී ජීනුයි කුකීයි කෑම හදන්න ගත්තා....

:Yoongi Pov:

බඩෙන් පුංචියට රිදිල්ලක් ආවත් මන් ඒක ගනන් නොගෙනම සේලයින් එක ගලවලා දාලා මෙඩිකල් රූම් එකෙන් එලියට ඇවිදන් ආවත් අඩිය තියන තියන සැරේට බඩ රිදෙද්දී මන් ඒක ආයෙත් අමතක කරලා කිචන් එකට ගියේ කුකීගෙයි හ්යොන්ගෙයි සද්දේ ඇහුන නිසා....හිතුවා වගේම දෙන්නා බරටම වැඩ ඒත් මන් කතා කරපු ගමන් දෙන්නම ගැස්සිලා මන් දිහා බැලුවේ මාව බලාපොරොත්තු නොවුන නිසා වෙන්න ඇති.....

||DEAR_MAFIA||Completed Where stories live. Discover now