තනිකරම අර වීදුරු වලින් එල්ලිලා බලන චිම්පන්සියෝ වගේ ම කෙල්ලො සෙට් එකක් shop එකෙ වීදුරු වලින් ඇතුල බලාගෙන හිටිය.
ඒත් එක්කම මට තේරුම් ගියේ අර කොල්ලො දෙන්න නැගිට්ටෙ ඒ දිහා බලාගෙන කියලයි..

මම ඒ කෙල්ලෝ දිහා බලනවත් එක්කම වගේ එයාලා කලබල වෙන්න ගත්තා..එයාලාගෙ ෆෝන් මා දිහාවට උස්සගෙන එයාලා හෙන සංදර්ශනය ක් කරන්න පටන් ගත්තා. සමහරු මං දිහා රව රව හිටියෙ එලියට ආවොත් ගහලා මරන්න වගෙයි. සමහරු නම් අත වැනුවෙ කාලෙකින් දැක්ක යාලුවෙක් ව හම්බුනාම වගෙයි.

මං ටික වේලාවක් ගල් ගැහිල වගේ ඒ දිහා බලාගෙන හිටිය. එක එකා එතනට වැඩිවෙන්න ගත්ත හැටි දැක්කහම මට හිතුනේ මගේ අහිංසක ජීවිතේ බේරගෙන shop එකෙන් එලියට යා ගන්න නම් මට කමාන්ඩර් මට්ටමේ මෙහෙයුමක් කරන්න වේවි කියලයි.

මගේ ලගට ම ඇවිත් හිටපු අර විසාල කොල්ලෙක් මට කතා කරනකම්ම මම දැක්කෙ නැහැ..

"මිස් ග්‍රේස්...මේ පැත්තෙන්"

එයා අත දික් කලේ shop එකෙ kitchen එක තියෙන පිටිපස්ස ට , ඒ කියන්නේ මේ ජන සමුහය ඇවිත් තියෙන්නෙ මං හින්දද....
මට වෙන විකල්පයක් තිබ්බෙ නැහැ, එයාගේ පස්සෙන්   kitchen එකෙ අය අන්ද භූත වෙලා බලාගෙන ඉද්දි අපි shop එකට පිටිපස්සට ගියා..පිටිපස්ස දොර එයා අරිද්දිම වගේ ආවේ කලු කැබ් එකක්..

"ආහ්....." මං ටිකක් අදිමදි කලා

"නගින්න මිස්..."
එයා ටිකක් කලබලයෙන් වගෙ කිව්වා..

ඒ මදිවට අර ගෑනු ලමයිගේ ඝෝෂාව ටික ටික මේ පැත්තට එනවා වගෙයි ඇහුනේ..

අවස්ථාවෙ හැටියට  free lift එකක් හම්බෙන එක සුපිරි බව ඇත්ත..ඒත් අම්මා කියල තියෙන්නෙ අඳුරන්නැති අයගෙ වාහන වල යන්න එපා කියලනේ....

මං කැබ් එකට නැග්ගා. මට නගින්න කියපු එක්කෙනා ඉස්සරහා ෂීට් එකෙ වාඩිවුනා.

"යන්..."
වාහනය පැදෙව්වෙ ත්  මාත් එක්ක වාහනයට නැගපු කෙනා වගේම හාදයෙක්..

මට කිසිම දෙයක් කියන්න ඉඩක් නොදී ඒ දෙන්නා කතා කරන්න ගත්තා.

🙍 - "අවුලක් නෑනේ බන්.."

🙎‍♂️- "නෑ නෑ බ්‍රයන් එතන ඉන්නවා situation එක බලලා රිපෝර්ට් කරයි"

One Night Love At London  ( COMPLETED )जहाँ कहानियाँ रहती हैं। अभी खोजें