chapter 3 ❤️

41 11 4
                                    

mahi's pov.

අද intervel වෙලාවේ අර දෙන්නා ඒ කියපු දේ ඇත්තක්ද? නැහැ ඒක බොරුවක් වෙන්න ඇති. ඩියෝන් කොහොමද මට කැමත් වෙන්නෙ. මං එච්චරම ලස්සනත් නැහැ. නැහැ ඒක බොරුවක් වෙන්න ඇති. කොහොමත් මේ රයනුයි, තරීනුයි හැමතිස්සේම විහිලු කරනවානෙහ්. ඔව් ඒ බොරු වෙන්න ඇති.

Few months later...

මේ ගෙවුන මාස ගානටම මට ඩියෝන්ගේ ලොකූ වෙනසක් පෙනුනා. වෙනදට වඩා එයා හරිම වෙනස් විදිහට මාත් එක්ක හැසිරෙන්නේ කියලා මට තේරුනා වගේම, ලිලීටත් ඒ වෙනස තේරිලා තියෙන්නේ. එයත් හැමතිස්සේම වගේ මට ඒ ගැන කියනවා. මේ හැසිරීම නිසා එදා අර දෙන්නා කියපු කතාව ඇත්තක්ද කියලත් හිතෙනව වෙලාවකට. ඇත්තටම එයා මට කැමතීද?

Author pov.

ඩියෝන්ගේ හිතේ ඇත්තටම මහී ගැන කැමැත්තක් තියෙනවද? ඒක දන්නේ එයාම තමයි. මහීත් දැන් එයාගේ හිතේ විශ්වාසයක් ඇති කරගෙන ඉන්නේ ඩියෝන් එයාට කැමතී කියලා. ඉතින් මහී දැන් දන්නෙම නැතුව ඩියෝන්ට එයාගේ හිත දීලා ඉවරයි. මහී දැන් ඩියෝන්ට ආදරේ කරන්න පටන් අරන්.

Two years later.

දන්නෙම නැතුව අවුරුදු දෙකකුත් ගෙවලා ගිහින්. ඒ අවුරුදු දෙක පුරාවටම මහී, ඩියෝන්ට ගොඩාක් ආදරේ දුන්නා. ඒත් ඩියෝන්ගෙන් මහීට ඒ වගේ ආදරයක් ලැබුනෙ නැහැ. මහී ඒ දේ දැනගත්තා. එතකොට එයා අවුරුදු 2ක් තිස්සේ ඩියෝන්ට ඒකපාර්ශ්විකව ආදරේ කරලා. ඩියෝන්ට කෙල්ලෙක් ඉන්නවා කියලා මහී දැන ගත්තා අවුරුදු 2කට පස්සේ.😣 එතකොට මහීට කොච්චර නම් රිදෙන්න ඇත්ද?🥺 මහීට ඊට වඩා රිදුනා. ඒ ඩියෝන්ගේ කෙල්ල කවුද කියලා දැන ගත්තාම. ඒ වෙන කවුරුත් නෙමෙයි. ඒ මහී එක්ක මෙච්චර කල් එකට හිටපු මහීගේ එකම යාලුවා වුන ලිලී. ලිලීත් ඩියෝන්ට කැමැත්තෙන් ඉදලා තියෙන්නේ. ඒ වගේම ඩියෝනුත් ලිලීට කැමැත්තෙන් ඉදලා තියෙන්නේ.🙁

ඉතින් මහී ඒ ගැන දැන දැනත් ඩියෝන්ට තියෙන ආදරේ එයාගේ හිතින් අයින් කරගන්න බැරි වුනා. මහී එහෙම අවුරුදු 3ක් ඩියෝන්ට ඒකපාර්ශ්විකව ආදරේ කලා. ලිලී වෙනුවෙන් මහී එයාගේ ආදරේ අතඇරියා. ලිලී ඩියෝන් දෙන්නා මහීගේ ඉස්සරහම අත් අල්ලන් ඉදිද්දි මහීගේ හිත කොච්චර නම් රිදෙන්න ඇත්ද? ඉතින් මහී හැමදාම ඒ දේවල් මතක් කර කර ඇඩුවා.😭😭 ඇත්තම කිව්වොත් ඇඩුවා නෙමෙයි ඇඩුනා.😭 ඉතින් මහී තීරණය කරා ඩියෝන්ව අමතක කරන්න.

Tʜᴇʏ Cʜᴀɴɢᴇᴅ Mᴇ 💕🌻 ✓Where stories live. Discover now