♡ 10 ♡

440 125 0
                                    

මං හිතුවේ යන්නැතුව ඉන්න.ඒත් මොකක් හරි හේතුවකට මට යන්න හිතුනා.මං යනකොටත් එයා කෝපි එකක් බොන ගමන් හිටියේ.මාව දැකලා එයා ලස්සනට හිනා උනා.

"එන්න ඉදගන්න."

මාත් ඇවිල්ලා ඉදගත්තා. ඒත් එක්කම වේටර් ඇවිල්ලා මගේ ඕඩර් එක අරන් ගියා.

"ඉතින් කියන්නකො ඔයා කොහොමද මාව දන්නේ කියලා?"

"ඉස්සෙල්ලම ඔයා අහන්න ඕනි මං කවුද කියලා නෙමෙයි ද?"
එයා ලස්සනට හිනා වෙලා ඇහුවා හරියට බනියෙක් වගේ.

"හුම්ම් ......හරි එහෙනම් කියන්නකො ඔයා ගැන"

"හොදයි මං ජන්ග්කුක්. මං මේ දවස් ටිකේම ඔයා එනකම් බලන් හිටියා ඒත් ඔයා ආවෙ නෑ. මට ඉතින් ඔයාව දැක්ක වෙලාවෙ ඒක අහන්න හිතුනා.ඔයාව කලින් සැරවල්වල දැක්කත් මට කතා කරන්න විදිහක් තිබුන්නෑ.මොකද ඉතින් ඔයා දඩි බිඩි ගාලා එහෙට්ට දුවනවයි මෙහෙට්ට දුවනවයි නේ."

එයා එහෙම කියලා හිනා උනා.එයා මාත් එක්ක ගොඩක් දේවල් කතා කරා.

KTH

Coffee Shop ♡ Taekook ♡ 🄲🄾🄼🄿🄻🄴🅃🄴Where stories live. Discover now