නැහැ Unknown number ! හහ් ! හරිනේ එකත් එකටම මරණ තර්ජනයක් වෙන්නැති, දැන්ම ගිහින් අන්තිම කැමැත්ත ගැන කතා කරලා ඒ වැඩේ ඉවරයක් කලානම් හරි...

🗣"මිස් ග්‍රේස්? "
🙎‍♀️ "ආ ඔව් ? "

🗣"FASHION ENTITLED මැගසින් එකෙන් ,
අපේ event එකකට මිස් ව recommend කරලා තියෙනවා. මිස් ට අද free da ? "

🙎‍♀️ " ම්.... ඔව් ...."

🗣"හොඳ යි...මේක ටිකක් special event එකක්, අද 02.30 වෙද්දි මිස්ට එන්න පුළුවන් නේ , මම location එක email කරන්නම් "

🙎‍♀️ "ආ හරි මම එන්නම් "

🗣"හරි මිස් Thankyou! "

ඉඳලා ඉඳලා හුස්මක් කටක් ගත්තා විතරයි.. ඒ කොහොම වුනත් මොනා හරි කරන්න වැඩ ක් තිබ්බොත් හොඳයි කියලා මට හිතුනා. නැත්තම් වෙන්නැති දේවල් ගැන සිහිකරන එක ඇරෙන්න වෙන වැඩක් නැතුවයයි මට...

▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎

' FASHION ENTITLED ' මහා විශාල නාම පුවරුවක් තිබුනු උස සුදු බිල්ඩින්ග් එක ගාව හිටගෙන මම භාවනා කර කර හිටියා. හිතුවට වඩා වැඩෙ බරපතල පාටයි. ඔහොම්ම හැරිලා ආපහු ගෙදර ගියෝතින් නම් ඇඳට වෙලා movie එකක් බලන ගමන් අයිස්ක්‍රීම් කකා දවසම පිජාමා එකෙන් කම්මැලියෙක් වගේ ඉන්නත් තිබ්බා. ඕන එකක් වෙද්දෙන් කියලා මම ඇතුලට ගියා...

"වාව්" මට කියවුනේ ඉබේමයි , එක එක රාමු කරපු ෆොටෝ ස් ගහලා තිබුනු බිත්ති, පොලිෂ් කරලා තිබුනු පොලව , fancy ලී බඩු ත් එක්ක එතන තිබුනේ මාරම royal පෙනුමක්....

Reception එක ගාව සෑහෙන කට්ටියක් හිටියා. මං හිතන්නෙ මං වගේම photography event එකට ආපු කට්ටිය වෙන්නැති. අපුරුයි ! Shoot එකක් කරනවා කෙසේවෙතත් මට කැමරාවක් අල්ලන්නවත් ලැබුනොත් ලොකු දෙයක්....

වැඩි වෙලා මට හිටගෙන ඉන්න සිද්ධ වුනේ නැහැ. එතනට ආපු මේකප් තොගපිටින් උලාගෙන හිටපු ගැහැණු ළමයෙක් අපිට ඇතුලේ තිබුනු හෝල් එකකට කතා කලා.

ඒක AC කරලා තිබුනු ඉස්සරහින් පොඩියට stage එකක් තිබුනු දිග hall එකක් , අපි හැමෝම එතනින් වාඩි වුනාට පස්සෙත් කවුරුත් කිසිම දෙයක් කතා කලේ නැහැ.. මගේ එහා පැත්තෙන් වාඩි වෙලා හිටපු ටිකක් විතර කොරියන් ජැපනීස් පාටක් තිබුනු කෙල්ලක් එක්ක පොඩි සුහද කතාබහක් පටන්ගන්න හදද්දිම වගේ අපි ඇතුලු වුනු දොරෙන් එකපාරටම ආවේ Security Gurds ලා වගේ පෙනුනු හැඩිදැඩි සෙට් එකක්..

One Night Love At London  ( COMPLETED )Where stories live. Discover now