🩸 Chapter 1

125 21 6
                                    

එදා හරිම අඳුරු දවසක්. උදේ ඉඳන් වලාකුළු වලින් අහස වැහිල තිබුණෙ. ලී මින්හෝ හැමෝටම හදිසි කැඳවීමක් කරා. විනාඩි 5 ක් යන්නත් කලින් හැමෝම වෙනදා රැස්වෙන තැනට ආවා. ඒ තැන තියෙන්නෙ සෝල් නගරයේ මායිම හරියෙ තිබ්බ, කැලෑවට ගිය, පාළු සොහොන් පිට්ටනියක.

🦊: " මං හිතනවා හැමෝම ඇවිල්ල ඉන්නවා කියලා. අපි කෙලින්ම කාරණාවට බහිමු. මිනිස්සු අපිට ආයෙත් පහරදෙන්න හදනවා කියල ඔත්තුවක් ඇවිල්ලා තියෙනවා. ඔබතුමා ඒ ගැන වැඩි විස්තර කිව්වා නම් හොඳයි.😈 "

🦇: " කලින් වතාවෙත් අපිට මේ වගේ ප්‍රශ්නයක් වුණා කියල මතකයිනෙ. ඒ වෙලාවෙ හරියට පෙර සූදානමක් තිබ්බෙ නැති නිසා අපිට ගොඩක් අය නැතිවුණා. ඒත් මේපාර එහෙම වෙන්න දෙන්න බෑ. අපි හැමෝමව ආරක්ෂා කරගන්න ඕනි. අනිවාර්යයෙන් සුදුලූණු, බයිබලය, කුරුසය ‌වගේ දේවල්වලින් ආරක්ෂා වෙන්න ඕනි. විශේෂයෙන් ලීවලින් හැදුව උල් දේවල්.😬 "

ලී මින්හෝගෙ කතාව යන අතරෙ තව කට්ටියක් වෙන තැනක වටවෙලා හිටියා.

🏵️: " හැමදාම එකම කතාව. ලී උල්, කුරුස! මට නම් එපාවෙලා. මිනිස්සුන්ට අපි පස්සෙ එනවට වඩා වෙන වැඩක් නැද්ද?😒 "

🐯: " මං නම් ඕවා ගැන දන්නෑ. එක දෙයක් හොඳටම දන්නවා. මට මිනිස්සු පෙන්නන්න බෑ කියන එක.👿 "

🌸: " ඒ උනාට මිනිස්සු කිහිපදෙනෙක් හින්දා මුළු මිනිස් ජාතියටම වෛර කරන එක හරි නෑ නේද?😕 "

🌱: " ඇත්ත තමා "

🐯: " හැම මනුස්සයම එකයි. මං මැරුණෙත් උන් නිසා. "

🌱: " අනේ මන්දා ඉතින්. "

🏵: " ඒ වුණාට අපි නීතියට වැඩ කරන්න එපැයි.😬 "

🦇️: " මොකද ඔතන වෙන්නෙ? ආ....?🤨 "

එයාගෙ සද්දෙට හැමෝම ගැස්සිලා බැලුවා.

🏵️: " මො..මොකුත් නෑ.😰 "

🦇️: " තමුසෙලද මෙතන කතා කරන්නෙ? මමද?😠 "

🌸: " ඔ..ඔ ඔබතුමා "

🦇️: " ඔහේලා අලුතෙන්ද මෙහෙට ආවෙ?👿 "

🌸: " ඔහ්.. ඔව්...🙄 "

🦇️: " අලුතෙන් ආව අය හින්දා අදට විතරක් සමාව දෙනවා. ආයි මේ වගේ වැරදි වෙන්න බෑ. තේරුණාද? "

🩸Blood🩸 [Taennie] [slow updates]Where stories live. Discover now