මම ඔව් කියන්න ඔලුව වැනුවා. යුන්ගි ටිකක් කල්පනා කලේ  එකෝමත් එක කාලේක කියලා සීයා කෙනෙක් කතාව පටන් ගන්න කලින් වගේ..

"මම Artist  කෙනෙක්.... ඇත්තටම singer , music producing  කරනවා..
ඔයා Bangton Soneyidan ගැන අහලා තියෙනවද ? "

"මොක මොකක්  ? "  මට කියවුනා.  එයා හෙමිහිට බිම බලාගත්තා.

"ම්...Bangtan Boys ?....... අහ්ම්... BTS ?...."

මට දැනුනේ මේ දැන් හෙණයක් මගේ ඔලුවට කඩා පාත් වුනා වගේ...

'BTS LOVE YOURSELF WORLD TOUR ;
BRITAIN  London
@WEMBLY STADIUM'

දේවදූතයෝ වගේ ගොඩක් ලස්සන පෙනුමක් තිබුනු එක වගේම පෙනුනු පිරිමි ලමයි හත් දෙනෙක් ගේ පෝස්ටරයක් දැකලා මීට සති ගානකට කලින් මගේ යාලුවා ජෙනී එතන හූ තියලා ඒක ගලවගෙන ගෙදර ගෙනියන්න හැදුව විදිහ මට මතක් වුනා.  එයා පැය ගානක් වුනත් එක දිගට කියවන, ගොඩක් ආදරය කරන...ලෝකෙම ආදරය දිනාගත්තු BTS  , දැනට ඉන්න දක්ෂම ජනප්‍රිය ම සංගීත කණ්ඩායම... මම ගොඩක් දන්නෙ නැතිවුනත් එයාලාගෙ ගොඩක් සින්දු මම අහලා තිබුනා, සමහර වෙලාවට මගේ හිත සැහැල්ලු කරගන්න ඒ වචන මට තේරුණෙ නැතිවුනත් ඒ කටහඬ වල් , මියුසික් මට උදව් කරලා තිබුනා. ගොඩක් ලොකු රසිකයෙක් නොවුන ට මම එයාලාට ගොඩක් කැමැත්තෙනුයි හිටියේ.....

ඊටත් වඩා මගේ ඉස්සරහා හිටගෙන කැප් එක ගලවලා නලලට වැටිලා තිබුණු කොණ්ඩය හදමින් මගෙ දිහා හරි අවධානයෙන් බලාගෙන ඉන්න මේ භූත ජීවියා අර පෝස්ටරයෙ හිටිය දේවදුත කාණ්ඩෙන් එක්කෙනෙක් කියලා මට හිතෙන්න ගත්තා..
ඔව්........'මමයි වැඩ්ඩා' වගේ කට පැත්තකින් දාන කරදරකාරයෙක් ගෙ වගේ හිනාව, හැමතිස්සෙම අවධානෙන් , වෙන්න යන දේ පේනවා වගේ ලොකු කරලා බලන හීනි ඇස්, ඒ  හිත් ඇදගන්න යුන්ගි ගේ පෙනුම කිසි අඩුවක් නැතුව ඒ පෝස්ටරයෙ අයිනට වෙන්න හිටපු කෙනාගේ ත් තිබුනු විදිහ ටිකෙන් ටික මට පැහැදිලි වෙන්න ගත්තා.

"ඇයි....ඇයි මට කිව්වෙ නැත්තේ ? ? " මගේ කටේ කෙළ හිඳිලා කතා කරගන්න බැරිවෙන්න කලින් මම කියාගත්තා.

"ඉතින් ඔයා ඇහුවේ නෑනේ...."

සැහ් ! වාව් අපූරුයි... .මම ඊළගට මොකක්ද කියන්න කරන්න ඕනේ කියලා හිතාගන්න බැරුව බලාගෙන හිටියා.  මේ දැන් හොඳ පොල්ලකින් ගහගෙන කෝමා තත්වෙකට පත් වෙන්න මං කරන්න ඕනේ පියවර ගැනයි මං හිතුවේ.. ඉස්සෙල්ලම එක පාරින්  ක්ෂණික ව සිහි නැති වෙන්න පුලුවන්  පොල්ලක් හොයාගන්න ඕනේ... ඊට පස්සෙ.....

One Night Love At London  ( COMPLETED )Where stories live. Discover now