My Angel

611 224 28
                                    

Min-Ah's View

වේදනා දෙන ඔළුවත් අල්ලගෙන මං නැගිට්ටෙ කවුරුහරි මගෙ ඔළුව මෘදුව අතගානවා දැනුන නිසා..මං වටපිට බැලුවා..මගේ ළඟ හිටියෙ ඔම්මයි අප්පයි විතරයි..එතකොට කෝ ජිමින්?එයා කොහෙද??

"මින්ආ..කොහොමද පුතා..?"අප්පා ඇහුවා..

"අප්පා..ඔම්මා ජිමින් කොහෙද??එයා කොහෙද කියන්නකො මට.."මං කිව්වෙ අමාරුවෙන් කඳුළු පාලනය කරගෙන..

"ඔයාට තවත් මේ දේවල් කොහොම තේරුම් කරන්නද මින්ආ??ජිමින් මැරුණා..ඒක තේරුම් ගන්න.."ඒ පාර නම් අප්පාගෙ කටහඬ වෙනදට වඩා ටිකක් තද වුණා..

"නෑ අප්පා..බොරු..ඒ හැමදේම බොරු..ජිමින් ඉන්නවා..එයා මගේ..එයා හිටියා අප්පා..මාත් එක්කම හිටියා.."

"ජිමින් ඉන්නව??හරි එහෙනම්..යන්න..පුළුවන් නම් පාර්ක් ජිමින්ව හොයාගන්න..එයා ඔයාට දීපු ඇස්වලින්ම.."අප්පා වෙව්ලන කටහඬකින් කියද්දි ඔම්මා ඉකි ගගහා පැත්තක හිටියා..

"අප්පා.."

"මින්ආ..ඔයාට තේරුම් ගන්න බෑ අපි කොච්චර ඇත්ත තේරුම් කරන්න හැදුවත්..ඔයාම ඒ ඇත්ත තේරුම් ගන්න..යන්න.."අප්පා කියද්දි මම ඇඳෙන් බිමට පැනලා එළියට දිව්වා..

ගෙදරින් එළියට බැහැලා ආවත් මට යන තැනක් ‌හිතාගන්නවත් බැරිවුණා..මගෙ ඔළුව යකාගෙ කම්මලක් ව‌ගේ..මොනවා කරන්නද කියලා තේරෙන්නෙ නෑ...

"ජිමින්..ඔයා කොහෙද ඉන්නෙ ජිමින්..?අනියා..මේ..මේ හැමදේම බොරු නේද ජිමින්..??ආහ්..චේ..චේබල්..මං ගාවට එන්න.."මං පිස්සියක් වගේ පාරවල් පුරාම ඇවිදගෙන ගියා..

මම කොහොමද මේ කතා විශ්වාස කරන්නෙ??

මගෙ ජිමින් මැරුණා කියලා කොහොමද විශ්වාස කරන්නෙ??

එයා හිටියා මාත් එක්ක..මට තනියම නැගිටින්න හයිය දුන්නා..මාව බලාගත්තා..මම ආදරේ කළා..

ඔම්මයි අප්පයි මොනවද ඒ කියෙව්වෙ..??මං මේ ලෝකය දකින්නෙ ජිමින්ගෙ ඇස්වලින් කියලා කිව්වා..අනියා..එහෙම වෙන්න බෑ..එයා ජීවතුන් අතර ඉන්නකොට..

හැමෝම මාව රවට්ටද්දි..මං ඉස්සරහට එන්නෙ නැතුව ඔයත් මාව රවට්න්නෙ ඇයි ජිමින්..??

Guardian Angel | Jimin Centric | CompletedWhere stories live. Discover now