We'll Meet Again

909 275 211
                                    

Seo-ha's View

දහස් ගණනින් ආලෝකමත් වුණ ප්‍රේක්ෂකාගාරයකින් වට වෙලා තිබ්බ ස්ටේජ් එක උඩට මං අඩිය තිබ්බෙ ගැහෙන හිතින්..මගෙ ආදරණීය ප්‍රේක්ෂකයෝ මාව පිරිවරාගෙන..එයාලා අතේ තියෙන ආලෝක පන්දම් තාලෙකට වැනෙනවා..

Seo ha..Seo ha..Seo ha..Seo ha..

ඒ සද්දෙට මං කන් දුන්නෙ ආදරෙන්..යටිගිරියෙන් බෙරිහන් දීලා මාව දිරිමත් කරන මගේ හයිය මෙයාලාමයි නේද කියලා මතක් වෙද්දි මගෙ හදවත පුරවලා දානවා වගේ..

මේ අවුරුද්දෙ තියෙන මගේ හය වෙනි ප්‍රසංගය..ගායකයෙක් විදිහටත්..මනුස්සයෙක් විදිහටත්..මට දැනෙන්නෙ සර්ව සම්පූර්ණ බවක්..අවුරුදු විස්සක් තිස්සෙ මහන්සි වෙලා ගොඩ නගා ගත්ත හීනෙ..අද හැබෑවක් වෙලා..

මල් යහනාවකින් නෙමෙයි මේ තැනට ආවෙ..කටු කම්බි අනන්තවත් හමුවෙන්න ඇති..කකුල් හිරිවැටෙනකම්..උගුර ලේ රහ වෙනකම් ප්‍රැක්ටිස් කරන්න ඇති..නින්දක් නැතුව වැඩ කරන්න ඇති..නොකා නොබී මගෙ හීනෙ හැබෑ කරගන්න මහන්සි වෙන්න ඇති..

මගේ කැපවීමට ලැබුණ ප්‍රතිඵලය..මිනිස්සුන්ගෙ නිමක් නැති ආදරය..ඒ ආදරය වගේම මට අකැමති අයගෙන් ලැබුණ දරුණු ප්‍රතිචාරත් මම නිහතමානීව භාරගත්තා..

ඒකම වෙන්න ඇති මගෙ සාර්ථකත්වයට හේතුව..ඇතිවීම් නැතිවීම් සේරම සමව දරා ගැනීම...

පසුබිම් වාදනය පටන් ගන්නකොට මම හිමින් මගේ කටහඬ අවධි කළා..

ඒ ආරම්භයෙන් සනිටුහන් කරපු සමාරම්භය පැය ගානක් දක්වා නොකඩවා මම අරගෙන ගියෙ මගේ ආදරණීය රසික රසිකාවියෝ වෙනුවෙන්..එයාලගෙ ඇස්වල දිලිසෙන සතුට මාව ධෛර්යමත් කරනවා..

ප්‍රසංගය ඉවර වෙන්න තිබුණ පැය ගානම මම මගේ උපරිමයෙන්ම කළා..කොන්සර්ට් එකේ අවසන් බාගය එද්දි මම හිටියෙ හති වැටිලා..ඒත් මට වැටෙන්න බෑ..තව කෙනෙකුගෙ හිනාවක් වෙනුවෙන් මම නැගිටින්න ඕනෙ..

අවසානයට..මම මගේ රසිකයො වෙනුවෙන් ස්තූතිවන්ත වුණා..

"බොහොම ස්තූතියි මගේ ආදරණීය රසිකයෝ හැම දෙනාටම..අද මම යම්තැනක ඉන්නවා නම්..ඒකට හේතුව ඔයාලයි..මට ලැබුණ වටිනම සම්මානයක් තියෙනවා නම්..ඒ ඔයාලයි..වැටෙද්දි හයියක් වෙලා..මාව දිරිමත් කරන ඔයාලා තමයි මගේ ජයග්‍රහණය..ගොඩක් ස්තූතියි..හැම කෙනෙක්ටම.."

Guardian Angel | Jimin Centric | CompletedWhere stories live. Discover now