With You

704 246 59
                                    

Jimin's View

කාලය...

ඒක මහා භයානක වචනයක්..

කාලය ආපස්සට යවන්න පුළුවන් නම් ඔයා වෙනුවෙන්..මං වෙනුවෙන්..කොයි විදිහකින් හරි මං ඒක කරනවා මින්ආ..

ඒ මූසල දවසෙ ආරම්භයට යන්න පුළුවන් වුණා නම්..මං කීයටවත් ඔයාට ඒ බස් එකට නගින්න දෙන්නෙ නෑ..මම ඒ බස් එකට නගින්නෙත් නෑ..

එකම එක වැරැද්දක්..ඒකත් අපේ නොවෙන..වෙන මනුස්සයෙක්ගෙ වැරැද්දකට අපි දෙන්නා වන්දි ගෙව්වෙ ඇයි..??

ඔයාගෙ ඇස් හරිම ලස්සනයි මින්ආ..හිතේ තියෙන හැමදේම ඔය ඇස්වලින් ලස්සනට පේනවා..ඔයා ඔය ඇස් දැකලා ඇත්තෙ කණ්ණාඩියකින් විතරයි..

ඒත් මම...

ඔයාගෙ ඇස් විනිවිද යන තරමට ඔය ඇස්වල ගැඹුරට ගිහින් තියෙනවා..ඔය ඇස්වල මම ආදරේ දකිනවා..මං වෙනුවෙන් උපන් ආදරයක්..

ඇයි මට බැරිවුණේ ඒ ආදරේ විඳගන්න මින්ආ..??කොච්චර කල් ඔය ආදරේ වෙනුවෙන් මං බලන් හිටියද..??

ඒත්..

දැන් එපා මින්ආ...

මට ආදරේ කරන්න එපා..මට ආදරේ කරන එකෙන් ඔයාට වේදනාවක් විතරක්මයි ලැබෙන්නෙ..

ඔයා මේ ආදරේ කරන්නෙ එක කටහඬකට විතරයි..

ඔයා මගෙ උණුහුම හොයද්දි..මං කීපාරක් ඔයාව වැළඳගෙන ඇතිද..??මං කීපාරක් ඔය සිනිඳු තොල් සිපගෙන ඇතිද..??

ඒ වුණත් ඔයාට මාව දැනෙන්නෙ නෑ..

ඔයාට කොහොම මාව දැනෙන්ද මින්ආ..??

ඔයා අඬනවා..ඇස් දෙක පේන්නෙ නෑ කියලා ඔයා කොච්චර අඬනවද??ඒත් ඔයාට නැතිවුණේ ඔයාගෙ ඇස්දෙක විතරයි මැණික..

මට..

මගෙ ජීවිතෙත් නැති වුණා..

ඔයා දන්නවද මං සදහටම ඇස් පියාගත්තෙ ඔයාගෙ අතින් අල්ලගෙන..ඒත් ඔයාගෙ හිනාවක් මං දැක්කෙ නෑ..මම අන්තිමට දැක්කෙ ලේ නෑවිලා තිබ්බ ඔයාගෙ මූණ..පියවිලා තිබ්බ ඇස් දෙක..ටික ටික මන්දගාමී වෙන ඔයාගෙ හුස්ම මගෙ අතට දැනුනා..මං මැරුණෙ ඔයාගෙ හුස්ම විඳගෙන..

කොහොම කියන්නද ඒ හැඟීම..??විස්තර කරන්න බෑ මින්ආ..

මගෙ ඔම්මයි අප්පයි අඬනවා මින්ආ..එයාලා එයාගෙ ජිමින්ව හොයනවා..මගෙ මිනිය දැක්කත් එයාලා විශ්වාස කරන්නෙ නෑ මම දැන් ජීවතුන් අතර නෑ කියලා..මට ඕනෙ එයාලා ළඟට යන්න..එයාලට තුරුළු වෙන්න..ඉස්සර වගේම..

Guardian Angel | Jimin Centric | CompletedWhere stories live. Discover now