•• 09 •• See You Again 💔

316 76 5
                                    


හෝබිය කදුලු හිර කරගෙන එන්න ආවෙ නූනව hospital එකෙන් ගන්න..

........................................................

කෙල්ල hospital එක ඉස්සරහ ගාර්ඩ්න් එකේ ඇවිද ඇවිද උන්නෙ හෝබි එනකල්..
කැබ් එක ඇවිල්ල නතර කරපු ගමන්.. හෝබී දූවල ඇවිල්ල කෙල්ලව බදාගෙන ඉකි ගහන්න ගත්තා..

" හෝසොක් පැටියො ඇයි මේ.. මොකද උනේ... කතා කරන්නකො..." 😕

" නූ.. නා.. අනේ නූනා.. ඇයි.. ඇයි එයා මට අකමැති... මං එයාට කොච්චර ආදරෙයිද... මම එයාව කොච්චර පරිස්සම් කරාද " 🥺

" අනේ මල්ලියො.. අඩන්න එපා.. ඔයාට උනද ගොඩාක් රස්නෙයි ඔයා.. මම එයාට කතා කරන්නම් මල්ලි.. එයාට ඕන ඕන විදිහට නටන්න බෑ.. " 😒

කෙල්ල හෝබිගෙ පිට අත ගාන ගමන් කිව්වෙ කනගාටුවෙන්..
කොහොම උනත් කෙල්ල ඉන්න තත්වෙත් එක්ක හෝබි අද දැක්ක දේවල් කියන්න ගියේ නෑ..

කෙල්ලවත් එක්කගෙන පරිස්සමට ගෙදර ආව හෝබි කෙලින්ම room එකට ගියා ....
කෙල්ලත් wash දාන් නිදා ගත්තෙ මහන්සියට...

කෙල්ලට ඇහැරුනේ නලලට තෙත ගතියක් දැනෙද්දි...
ජිනී කෙල්ලගෙ නලලට හාදු තියමින් ඉන්නවා..

" ඔප්පා.. දැන් රෑද.. "

" ම්ම් මැනික හවස.. එන්න මොනා හරි කමු.. "

කෙල්ලගෙ බඩ උඩින් හාදුවක් තියල ජින් කෙල්ලව නැගිට්ට ගත්තා..

" සූජින් ආවද "

" ඔව් මැනික උන කියල නිදා ගත්තා.. මම බේතුත් ගෙනල්ල දුන්න.. " 😊

" එයා ආවෙ නෑ මං එක්ක යන්න.. ඇයි දන්නෙ නෑ එයා මට එහෙම සලකන්නෙ.. මං පිට කෙනෙක් ගානට දාලා.. මල්ලිගෙ හිත රිද්දනව එහෙන්.. " 😓

" ඔයා කල්පනා කරන්න එපා ඕවා.. මං එයාට කතා කරන්නම්.. ම්ම් " 😊

" පාර්ක් අංකල් ගැන තොරතුරක් හම්බුනේ නැද්ද ඔප්පා.. " 😕

" නෑ මැනික දැන් අවුරුදු තුනක් අපි හොයනවනෙ.. අනේ මංදා " 😓

" එයා උන්නනම් ඔම්මගෙ මරනෙ ගැනයි අප්පගෙ මරනෙ ගැනයි දැනගන්න තිබ්බ ... එයා තමයි හැමදේම දන්නෙ.. "

" අනේ මැනික stress වෙන්න එපා.. මගෙ පැටියත් ඕව හිතයි.. "

කෙල්ලගෙ තොල් අල්ල ගත්ත ජින් ඒ අතර එහා මෙහා යන්න ගත්තෙ කෙල්ලව ඒ හාදුවෙන් මත් කරන ගමන්ම .. ජින් කෙල්ලගේ තොල්දෙකම එයාට නතු කරගෙන තත්පර ගානක ලොකු හාදුවකින් පස්සෙ කෙල්ලව අත හැරියා.. 

𝑆𝑒𝑒 𝑌𝑜𝑢 𝐴𝑔𝑎𝑖𝑛 💔 ( Complete )Where stories live. Discover now