වැඩි සෙනඟක්වත් පාරේ එතරම් වාහනවත් නම් තිබ්බෙ නැහැ, ජෝඩුවක් නම් අත් පටලවගෙන ජීවිතේ හරීම රොමැන්ටික් චිත්‍රපටියක් කියලා හිතාගෙන ද කොහෙද විකාර
කරමින් මට ඉස්සරහින් ඇවිදිමින් හිටියා.
එයාලා දිහා බලාගෙනම මම ටිකක් ඉස්සරහට ආවා. මම හෙමිහිට එයාලා දිහාවට මගේ කැමරාව එසෙව්වේ රොමැන්ටික් ෆොටෝ එකක් ගන්න කියලා හිතාගෙන.......

"මොන එකක්ද..." මට කියවුනා. තව ටිකක් ඉස්සරහට වෙන්න තනි කලු ඇඳ ගත්තු කවුරුහරි හිටගෙන හිටියා. පාලමේ වැට උඩ අත් දෙකම තියාගෙන ගඟ පැත්තට බර වෙලා කිසි හැල හොල්මනක් නැතුව  කල්පනා කරනවා වගෙයි පෙනුනේ...අර ජෝඩුව නම් ගානක්වත් නැතිව ඒ මනුස්සයා ව පහු කරලා යන්න ගියා. මම මෙහෙ හිටිය අවුරුදු ගානටම පින් සිද්ධ වෙන්න,
පාලමක් උඩ රෑ වේගෙන එන වේලාවක වෙන වැඩක් නෑ වගේ ගඟ දිහා බලාගෙන ජීවිතය අනිත්‍යය බව ගැන ලොවෙත් නැති කවි සිතුවිලි පහල වෙනවා වගේ දාගෙන ඉන්න ඔය හිස් බැල්ම මට හොඳට පුරුදුයි. මම ටික වේලාවක් බලාගෙන හිටියා. ඒ මනුස්සයා කෙලින් වෙලා පාලම උඩ තිබුනු අත් දෙකටම බර දීලා ටිකක් ඉස්සුනා, ඔය හදන්නේත් ගඟ පතුල මනින්න හරි..ගිලිල තියෙන නිධානයක්
ගැන බලන්න නම් නෙවෙයි....
සමහරවිට ඔය මනුස්සයා ට ඔතනින් පැනලා කිමිදෙන්න ආසාවක් හෙම තියෙනවද දන්නෙ නැ කියලා හිත හදාගෙන මට යන්න තිබුනා. ඒත් ඉතින් කවදහරි දවසක මගේ දරු මුණුපුරන්ට
මේ කතාව කියද්දි.. "ඒ මනුස්සයා එතනින් දොහ්.. ගාලා පැන්නා.......
ඊටපස්සෙ උන්දා මලා....."කියලා කතාව ඉවරකරාම පොඩි අය මොනා නොහිතයිද?

මගේ තේම්ස් නදියේ රෑට සිරි නරඹන චාරිකාව තේම්ස් නදියට පැන දිවි නහගන්න හදන මනුස්සයින්ව බේරගැනීමේ මෙහෙයුම කියලා
වෙනස් කරගන්න ඕනේ. මම ඒ මනුස්සයා
දිහාවට පුළුවන් ඉක්මනින් දුවන්න ගත්තා.....

------------------------------------------------------------

------------------------------------------------------------

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
One Night Love At London  ( COMPLETED )Where stories live. Discover now