2

410 112 18
                                    

 ටනාෂා මධ්‍යම රැයේ නැගිට නිවසේ ගේට්ටුව දෙස බැලුවාය. ඇයට එම මහ රෑ ශබ්ද ඉතාමත් හුරු පුරුදු වුවද සෑමදාම අවදිව ඒවා පරීක්ෂා කිරීම ඇයට නවතා ගත නොහැකිය. 

රටේ මිනිසුන් නොදන්නා කොතරම් නම් දේවල් ඇය දැන සිටියාද කියතොත් ඇයව නිදහස් කිරීමට ගමගේ බියපත් වීමට එක් හේතුවක් එය වන්නට ඇත. 

මිනිසුන් නොපිළිගන්නා තරම් රහස් පිරුණු තැනක් ලෙස ඇය ජීවත්ව සිටි ස්ථානය හැඳින්වීමට ඇය කැමති වූවාය.

කළු පැහැ ඩිෆෙන්ඩරයෙන් බැසගත් මිනිසුන් දෙදෙනෙකු වාහනය ආරක්ෂා කරද්දි ඇතුළත තවත් අය සිටි බව ටනාෂා දුටුවාය. ඇයට ඔවුන් හඳුනාගත නොහැකි වුවද හඳුනාගතහොත් පුදුමයට පත් වන්නටද උවමනාවක් නැති බවත් ඇය දැන සිටියාය. ‍‍

ඉන් විනාඩි පහකට පමණ පසුව සුදු පැහැ ඇඳුමින් සැරසුණු ගමගේ ඇමතිතුමා ඩිෆෙන්ඩරය වෙත ගමන් කරනා ආකාරය ටනාෂාට පෙනෙයි. ඔහු වට පිට බලමින් වාහනයේ රියැදුරු අසුනට එහා පසින් වූ අසුනින් හිඳ ගත්තේ සියල්ලන්ට ඈත් වන ලෙස සන් කරමිනි. 

ටනාෂා දෑස් රෝල් කළාය.

වාහනයේ සිටින තැනැත්තා පැහැදිළිව දැක ගැනීමට ඇයට ආසාවක් ඇති වුවද එය කිරමට ඇයට ක්‍රමයක් නැත. ඇගේ කාමරය තිබෙනා සතරවන මහලේ සියලුම ද්වාර නිසැක ලෙසම දැන් වසා ඇත. සතරවන මහල සම්පූර්ණයෙන්ම භාවිත කළේ ඇය පමණි. 

ඇගේ සේවය සඳහාම කැප වූ නිර්මලා නම් සේවිකාවද, කෝකියෙකුද වූ අතර ඔවුන් දෙදෙනාට අමතරව ඇය ජීවත් වනවාද යන්න දැන සිටියේ ගමගේ ඇමතිතුමා සහ නිවසේ තෙවන මහලේ සිටින්නවුන් පමණි. ටනාෂාට කිසිඳු වෙලාවකට තෙවන මහලෙන් පහළට යෑම අවසර නොතිබිණි. 

ඇය කිසිම අවස්ථාවක ඊට උත්සාහයක්ද නොදැරුවාය. දුරකථනය සහ පරිඝනකය සමඟ කාම‍රයේ වැඩි හරියක් කල් ගත කරන ඇය වටපිට සිදුවන සියල්ල පිළිබඳ දැනගත්තේ අන්තර්ජාලයෙනි.

අවිවාහක ගමගේ ඇමතිවරයා ඇයට සියල්ල සිදු කර දුන්නේ කිසිදු විමසීමකින් තොරවය. 

නමුදු දැන් ඔහු විවාහ වීමට යන්නේය. 

තව දුරටත් ඇයට පෙර පරිදි සැලකිළි නොලැබෙනු ඇත. ඇයව නොසලකා හැරෙනු ඇත. 

නිහඬ | SilenceWhere stories live. Discover now