Saraya & Hoseok - Ep. 12 🔮🔞

208 61 91
                                    

🏫

1848 -

London, England -


සාගරයක් වගෙ තියෙන සරායාගෙ ගෙදර දොර මට ඇරුනෙ ගෙදර වැඩට ඉන්න කෙනා අතින්.. මම ගෙට ඇතුලු වුනු ගමන් දැක්කෙ මිස්ටර් ඔලිවර්ව...

" අහ් මිස්ටර් ජන්ග් හෝසොක් 🤨 "

" ආණ්ඩුකාරවරතුමා 🙂 "

" තමුන්ගෙ ලොකුකම නම් අඩු වෙන්නෙ නැහැ නේද 🙂 "

" මිස්ටර් ඔලිවර්.. ඔබතුමා මගෙ අප්පට තර්ජනෙ කරලා තියෙනවා.. එහෙම නේද? ඒක මේ මධ්‍යම ආණ්ඩුවෙ පෙත්සමක් නෙමෙයි? මම හරි නේද? "

" ඔහ්හ්... සේරමත් දැනගෙනද ආවේ.. 😂 ඒක මම කරා කියලා තමුන් දන්නවා කියන්නෙ.. මෙතන තමුන් අතින් දෙයක් වෙන්න තියෙනවා කියලත් තමුන් දන්නවා ඇති නේද? "

" ඔව් මම ආවෙ මේ සේරටම විසදුමක් අරන්...... 🙂 "

මම ඔලිවර් එක්ක කතා කර කර ඉන්න අතරතුරේ සරායා පඩිපෙළ දිගේ හිනාවෙවී ආවෙ මං දිහා බලන්මයි.. මං එයාව දැක්කත් නොදැක්ක ගානට ඔලිවර් දිහා බලන් අපේ කතාවෙ හිටියේ සරායා එක්ක තිබ්බ තරහට....

" මොකක්ද විසදුම 🤨 ?????? "

"මම.... මං කැමති ඔයාගෙ දුවව මැරි කරන්න... 🙂 ඉක්මනටම.... "

" අහ්? 😲 "

" ඔව් ඇයි? එපාද?? 🤨 අහ් හරි.. මං යනවා හැබැයි ආයෙ මට කරදර කරන්න ලෑස්ති වෙන්න එපා.. "

" එපා............ හොබී.. ඔහොම ඉන්න... 😐 "

සරායා එක පිම්මෙ මං ලගට දුවගෙන ඇවිත් මාව අතින් අල්ලලා නතර කරගත්තා...

" කොහෙද යන්නෙ... ☹️ ඇත්තමද ඔයා කිව්වෙ 🥺 "

" ඔව් ඇත්ත 🤨 තමුසෙට ඕකනෙ ඕක.. 🤨 "

" අනේ 🥺 "

" වැඩි කල් ඉන්න බැහැ.. ඉක්මනට ලෑස්ති කරන්න.. "


මං වචන දෙක තුනක් කියලා දාලා එන්න ආවා.. මට වෙන කරන්න දෙයක් නැහැ.. මට ලාමියා පරිස්සම් කරගන්න තියෙන්නෙ මෙහෙම.. මම සරායාව මැරි කරනවා.. මං මගෙ ආදරේ පරිස්සම් කරන්නෙ ඒක මගෙන් ඈත් කරලා.. මම හිතනවා මං වැරදි දෙයක් කරන්නෙ නැහැ කියලා.. ඒත් සරායාගෙන් තවත් මොනාම හරි දෙයක් මගෙ කෙල්ලට වුනොත් මට ඒක ඉවසන්න බැරි වේවි.. මම එයාව පරිස්සම් කරගන්නවා... ඒ වගෙම මගෙ ඔම්මවයි අප්පවයි... මට එයාලට දුකක් දීලා සතුටින් ජීවත් වෙන්න ඕන නැහැ..
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
යුංගි කිව්ව විදිහට මං ලාමියාව වෙන ගේක නතර කරා.. මං හැමදාම රෑට ලාමියා එක්ක ඒ ගෙදර නතර වෙන්න ආවෙ ආරක්ෂාවට.. අප්පාගෙ අකමැත්ත ටික ටික අඩු වුනත් මේ වෙද්දී සරයා අපෙ වෙඩින් එකට ලෑස්ති වෙනවා...

LAMIA | The Undead Love | JH Where stories live. Discover now