💚 Chapter 5 💚

Start from the beginning
                                    

" මේ සඳ අපේ ඉස්කෝලවලත් මේ වගේ ගුරුවරු හිටිය නම් අපි අද ඉන්නෙ මෙතන නෙමේ හූම් 🤧🤧 "

" සිරා කතාව ඕයි "

මන් හිතන්නෙ අපි දෙන්නගෙ කතාව මට ඉස්සරහින් වාඩි වෙලා හිටපු ටේට ඇහුනද කොහෙද. එයා අපි දෙන්නා දිහා මහා අමුතු බැල්මක් දැම්මා. අපි දෙන්නා දිහා ටිකක් ඔරවන් බලන් ඉඳලා ආපහු ඉස්සරහ බලාගත්තා.

" හරි ළමයි. මන් තමයි මෙහෙට ආපු ඔයාලගේ අලුත් ප්‍රොෆෙසර්. මගෙ නම ජන්ග් හෝසොක්. ඔයාලව අඳුරගන්න ලැබීම සතුටක්. අද ඉඳන් අපි හැමෝම හොඳට මහන්සි වෙලා වැඩ කරන්න ඕන. මොකද තව මාස තුනකින් ඔයාලට ටිකක් ලොකු එක්සෑම් එකක් තියනවා. ඒ නිසා හැමෝම හොඳට මහන්සි වෙලා වැඩ කරමු. ඔයාලට ඕන උදව්වක් මගෙන් ඉල්ලන්න. ඉගෙනීමේ කටයුතු වලදී එන ප්‍රශ්න වගේම ඔයාලට එන වෙනත් ඕනම ප්‍රශ්නයක් මට කියන්න. හරිද. තේරුනාද හැමෝටම. "

" ඔව් සර් 😁😁😁 "

අපි හැමෝම පෙර පාසල් ළමයි ටිකක් වගේ මහ හයියෙන් උත්තර දුන්නා.

" ඒයි සඳ ඔය කට පිහිදගනින්  "

" මොකක් "

" සර් දිහා බලන් කෙල පෙරන්න එපා ඔය තරම් 😂 "

" මේ වගේ මනුස්සයෙක් දැකලා හිත මෙව්වා වුනේ නැත්තම් උඹ තිරිසනෙක් යකෝ 😂 "

" එහෙනම් ඇති යන්තම්. මේ පාර තිරිසනෙක් නොවී බේරුනා 😂 "

 මේ පාර තිරිසනෙක් නොවී බේරුනා 😂 "

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජන්ග් හෝසොක්



තව මාස තුනකින් එක්සෑම් එකක් තියන නිසා අද ඉඳන් අපිට වැඩ ගොඩ ගැහිලා. උගන්නනවා උගන්නවා ඉවරයක් නෑ. ඒ උගන්නන කිසිම දෙයක් මගේ මේ ටිකිරි මොළේට කොහොමවත් කා වදින්නෙත් නෑ. 🤧 මොනා කරන්නද. මගේ සූටි මොළේට මෙව්වා බර වැඩී. අද අපි යුනිවර්සිටි ඉවර වෙලා එනකොට ළාවට අඳුර වැටී ගෙන ආවා. අපි එන විල ළඟ තියන අතුරු පාර දෙපැත්තෙ තියන ගස් දැක්කම මට හොම්මන් මතක් වෙනවා. කට වක්කඩ වගේ වුණාට අපි හොම්මන් වලට බය මිනිස්සු. මන් ඒ නිසා සඳගෙ අතේ එල්ලිලා ආවෙ. මොකද මන් දන්නවා හොල්මන් තව හොල්මනකට කවදාවත් කරදර කරන්නෑ කියලා 😂 අද අහසෙ සම්පූර්ණයෙන්ම හඳ පායලා. විලේ වතුර වලට ඒ හඳේ එළිය වැටිලා අද විල හරිම ලස්සනයි. හඳේ එළිය නිසා අද වටපිටාව ගොඩක් ලස්සන වෙලා කියලා මට නිකමට හිතුනා. මන් ගෙදර ගියපු ගමන් වොෂ් එකක් දාගෙන ආවෙ මගේ කුස තුළ සිටිනා මන් හුරතලේට ඇති කරන පණුවො සෙට් එකට කෑම ටිකක් දෙන්න. මන් පණුවො සෙට් එකට කෑම දීලා ගියේ අනිත් දෙන්නා කොහෙද කියලා බලන්න. ඒ දෙන්නා තාම ඇවිත් නෑ. තනියම ඉන්න කම්මැළි නිසා මන් පොඩ්ඩක් එළියට ගිහින් ඕප දූප ටිකක් හොයන්න තීරණය කරා. මන් පහළට යනකොට දැක්කා ටේහ්යුන්ගේ කාමරේ ගාව අපේ අලුත් ප්‍රොෆෙසර් ජන්ග් හෝසොක් ඉන්නවා. මන් එයාව දැකපු ගමන් එතනට ගියේ සර් එක්ක ටිකක් කතා කරන්න.

 - කෑකෝ ගෙදර with අයිතිකාරයා - (✓)Where stories live. Discover now