Part 05 (END)

307 83 39
                                    

සේහි....ඇයි ඔයා එහෙම කලේ..??

මම ඇස් අරින කොට හිටියෙ Hospital එකක....

ඒත් ඇයි මං මෙතන....??මම දැන් ඉන්න ඕනෙ සේහි ගාව නේද..??මම සේහි ගාවට යන්න ඕනෙ...

"හියුන්..."

මම කෙලින් වෙන්න හැදුවත් ඒක ටිකක් අමාරු උනු නිසා හෙමීට කෙලින් වෙලා බැලුවෙ මගේ වටේ හිටපු අය දිහා....

"හියුන් දැන් කොහොමද...."

"ඔයා කව්ද..??"

"හ්..හියුන්..??"

"හියුන්...හියුන්...මේ ජිමින් හියුන්...ඔයාට අඳුනන්න බැරිද..."

"කව්ද ජිමින්...අනික තමුන් කව්ද..??"

"හියුන්....මම කු..කුකීනේ....."

"තමුසෙලා කවුරු උනත් මට කමක් නෑ...මට යන්න ඕනි..දැන් මගේ සේහියා මං එනකං බලං ඇති.."

මම ඇඳෙන් බහින ගමං එහෙම කිව්වෙ....

"හියුන් ඔයා කොහේ යන්නද...?"

යුංගියා මට යන්න දෙන්න....මටත් සේහි ගාවට යන්න ඕනි...

"මට යන්න දෙනවා..."

"හියුන්....සන්සුන් වෙන්න..සන්සුන් වෙන්න..."

මම ඇඳෙන් බැහැලා පොර බැදුවෙ කොහොම හරි සේහියා ගාවට යන්න....ඒත් හය දෙනෙක් එක්ක පොරබදලා තනි මං කොහොම දිනන්නද....

"මට යන්න දෙන්න...."

බැරිම තැන මං බිම ඉඳගෙන නම්ජූන්ගෙ කකුලෙන් අල්ලගෙන අඬ අඬ ඉල්ලුවෙ...

"මට යන්න දෙන්න...."

"හියුන්...."
කට්ටියම මාව තද කරලා බදාගත්තෙ සන්සුන් වෙන්න කියන ගමං...

ඒත්..මම සන්සුන්ව තමා ඉන්නේ...තමුසෙලාට පේන්නෙ නැද්ද....මට ඕනි සේහි ගාවට යන්න විතරයි....

"මට යන්න දෙන්න...." මම යුංගියාව බදාගෙන ඇඬුවා....හොදටම ඇඬුවා...ඉකි ගගහ ඇඬුවා.....මගේ හිත හරියනකං ඇඬුවා....ඒත් අඬන එක හිත හරියනවට තීන බෙහෙත නෙවේ වගේ....

--------------------------

ආයෙම මම පරණ තැනටම වැටුනා....ඒත් සේහියා මාව දාලා සදහටම ගිහිං කියලා දැනගන්න කලින් ජීවත් වෙන්න  බලාපොරොත්තුවක් වත් තිබුනා ....ඒ සේහියා අපහු එයි කියලා බලාපොරොත්තුව...ඒත් දැන් එයා යන්නම ගිහින්න නං මම තවත් ජීවත් වෙලා වැඩක් තියෙද....

Why..?? || KSJ [short] (Completed)Wo Geschichten leben. Entdecke jetzt