Part 03

230 71 4
                                    

ඔෆිස් එකට ආවත් හරි මට ගෙදර යනකං ඉවසිල්ලක් නෑ...

එයාලට පුදුම ඇති..මම එයා ගැන ඇහුවෙ නැති නිසා...ජිමිනා ආවා කියන්නෙ අනිවාරෙන්ම එයත් එන්න ඕනි...අද යන්නෙ එයා බලන්න වෙන්න ඕනි....

මට හිනාවක් ගියේ ඉබේටමයි..

මගේ සේහියා...මං ඔයා එනකං කොච්චර කල් බලං හිටියද...එහෙනං අන්තිමට ඔයා ආවා...

මම ඔෆිස් එකේ වැඩ ටික ඉක්මනට ඉවර කරලා වේලාසනින් ගෙදර යන්න ආවෙ සේහි බලන්න යන්න ඉවසිල්ලක් නැති නිසා...

"යුංගියා...මම ආවා.."

"ආ..හියුන්...යුංගි හියුන් ගියා...අපි දෙන්නත් එක්ක යමු...අනිත් අය මග්දි ගන්න ඕනි...ඉක්මනට චේන්ජ් කරං එන්න..."

ඒ හෝබියා...ටේත් හිටියා..

"හරි..ඒත් කොහේද යන්නෙ..."
මම දන්නෙ නෑ වගේ ඇහුවෙ...ඒත් මට සතුටුයි..ගොඩාක්ක්.. ගොඩාාාාාාාක්..

"ඒක බලාගන්න පුලුවන් ගිහිල්ලම...දැන් ඉක්මන් කරන්න..."

"විනාඩි පහක් දෙන්න...."

මම ටක් ගාලා හෝදං කැශුවල් ඇදුමකට බැහැලා ඉක්මනට ආවෙ සේහියාව බලන්න යන්න...

ඒත් ජින් ඔයා වැඩි බලාපොරොත්තු තියා ගන්න එපා...මේ යන්නෙ වෙන කොහේ හරි වෙන්නත් පුලුවන්...මම මටම කියාගත්තෙ වැඩි බලාපොරොත්තු නරක නිසා....

ඒත්...

ආශ්..මොකක් හරි..දැං යනවනේ....

යුන්ගියාවයි ජිමිනවයි නම්ජුනාවයි ස්ටුඩියෝ එක ලගින් අරගෙන කුකියවත් ගෙදර ළගින් නග්ගගෙන හෝබියා ඩ්‍රයිව් කලේ බූසාන් පැත්‍තට....

ජිමිනා විතරද එතකොට ආවෙ...දැන් අපි බූසාන් යන්නෙ සේහියා තාම බූසාන් වලද....

සේහියා මාව දැක්කාම දුවගෙන ඇවිත් කරේ එල්ලෙනවා....එතකොට එයා හරිම cute....

වාහනේ වාඩි වෙලා එක එක ඒවා හිත හිත ඉද්දි මගේ හිත ඇදිලා ගියේ වින්ටර් සීසන් එකෙ එක ලස්සන සීතල දවසකට...

Flash back

"හියුන්...මොකෝ මේ අද කලබලෙන් වගේ..."

මම යුංගියාවයි ජිමිනාවයි ස්ටුඩියෝ එකෙන් දාගෙන සේහිව හම්බෙන්න පාක් එකට යන ගමං හිටියෙ...

Why..?? || KSJ [short] (Completed)Where stories live. Discover now