Chapter 01 ✨💫

141 35 129
                                    

Hiru prov ,

"Hey, do you copy me ? " 

"අනේ තරූ ,මෙ මගුල ආපහු වැඩ කරන්නෙ නෑ.දැන්නම් මට බයත් හිතේ." මන් ටිකක් සද්දෙන් කිව්වෙ ඇත්තටම මට බය හිතිච්ච නිසා.දැන් ටික වෙලාවක ඉදන් අපිට හරියට NASA එකක් එක්ක සම්බන්ද වෙන්න බැරි උනා.මොකක් හරි අවුලක් උනොත් උදව් කරන්න කියලා බල්ලෙක් කියල හොල්මනක්වත් ඉන්නවයැ මෙ අභ්‍යවකාශේ.

Ishu - "අයියෝ හරි බන් ඔච්චර ඕක ගැන හිතන්න එපා.මටනම් ඔය නාකියගෙ වොයිස් එක විතරක් අහලා කනේ මකුලු දැලුත් බැදිලද මන්දා." ඉශුවා කොහේදො ඉදලා කැ ගැහුවේ මගෙ සුමිහිරි ටකරම් වොයිස් එක ඇහිලා වෙන්න ඇති.

Tharu - " ඒක නෙමෙයි ආදි ,අදට අපි දවස් කීයක් මෙහෙ හිටියද?"  

Adi - "අවුරුද්දයි දවස් 5යි පැය 16යි විනාඩි 24 යි තත්...."

Tharu - " යකූ ඕක නවත්තපන්.උබ තත්පරත් කියන්න නේද ගියේ? "

Adi - "අඩො...එල හරකො උබ ඔය ප්‍රශ්නෙම මගෙන් විනාඩි දෙකකට කලිනුත් ඇහුවා.ඒකයි අඩු නැතුව කියන්න හැදුවෙ." 😒😒

Tharu - " හරි හරි බන් උඹලත් එක්ක ඉදලා මගෙ ඔලුවත් කරවෙලාද මන්දා.කෝ මේ මගෙ සනු බබා."

" යකූ බබා කියලද කිව්වෙ.උඹ අපිටත් නොකියා බැන්දා නේද ?කවුද සනුවගෙ තාත්තා ?" මන් නොන්ඩියට වගේ ඇහුවෙ මුන් දෙන්නව අවුස්සන්න කියලා.හිතුවා වගේම වැඩෙ පත්තු උනා.

Sanu - "අනෙ උඹට ජෙල නෙ.තරු මට එහෙම කතා කරද්දී."

"ජෙල නෙමෙයි ජෙලටින්.ඇයි යකෝ මතක නැද්ද එදා තරු මාව බදාගද්දි එක්කෙනෙක් ඉරිසියාවෙ පුපුරන්න ඔන්න මෙන්න හිටියා."

Adi - "ආව්..ආව් එදා තමා මුගෙ මූණ බලන්න තිබ්බේ.ඉරිසියාව රුසියාවටත් වඩා ලොකුයි කියන්නේ නිකන් නෙමෙයිනෙ."

Sanu - "අනෙ පල යන්න කොටා.තෝ මට කියලා තව කොට වෙන්න ඔය හදන්නේ."

Adi - "ඒ ආදි කාලෙ යකෝ.දැන් මන් උසයි.හුම්ම්."

Sanu - "උඹ කොහොමත් ආදිනෙ.ආදි කාලෙ බඩු ආදිම තමා."

Adi - "අනෙ පල යන්න ගස් හිපාටුවා."

Ishu - " යකුනේ දැන්වත් ඔය මගුල නවත්තගනින්.මේකට මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න කට්ටියම එන්න."

Journey  of space ✨💫Tahanan ng mga kuwento. Tumuklas ngayon