23.05.2024unknown person pov.
අදට අවුරුදු තුනක්....තුනක්...මම කොහොම හිටියා කියලද ඔයා හිතන්නෙ ආ.....ඔයා අයෙ එයි කියලා මං තාම බලං ඉන්නවා සේහියා...ඒත් ඔයා ආවෙ නෑ...මතකද අද දවස මොකද්ද කියලා.....අද වගේ දවසක තමා අපි දෙන්නා මුලින්ම හම්බුනේ...මතකද...අවුරුදු හතරකට කලින් අපි දෙන්නා අහම්බෙන් හම්බුනු හැටි....
Flash back
"කුකියා....ඔහොම ඉන්නවා....."
"හූ හූ හියූන්...හියුන්ට මාව අල්ලන්න බෑනෙ...හෑයියා හියුන්..ඔච්චර උසට උසේ ඉදගෙන හයියෙන් දුවන්නවත් බැරිද....😝"
"යාාාාාාා..ඔහොම නවතිනවා....මගේ අයිස් ක්‍රීම් එක දීලා යන මලදානෙක යනවා...."
"බෑ..බෑ..බෑ..බෑ..හූ..හූ..."
"ඉන්නවාාාාාාා.....ආහ්හ්..."
ජන්ග්කුක් කියන්නෙ මගේ කසින් කෙනෙක්...අපි දෙන්නා එදා පාක් එකට ආවෙ ටිකක් නිදහසේ කයියක් දාන්න හිතං...මොකද අවුරුදු පහකින් විතර අපි මේ හම්බුනේ...අපි දෙන්නා අයිස් ක්‍රීම් දෙකකුත් අරං බෙන්ච් එකකින් වාඩි උනේ ඒ අවුරුදු පහ ගෙවුනු හැටි කතා කරන ගමං..එක පාරටම ජන්ග්කුක් මගේ අයිස් ක්‍රීම් එක උදුරං දුවන්න ගත්තෙ මගේ යකා අවුස්සලා....හහ්..මූ හිටිය විදියමයි...මං හිතුවෙ දැං ලොකු වෙලා නිසා අර බාලාංශෙ වැඩ අත්තැරලා ඇති කියලා...ඒත් කොහෙද...තාම පොඩි එකෙක් වගේමයි...මගේ අයිස් ක්‍රීම් එක ගන්න කූක්ගෙ පස්සෙන් දුවද්දි එක පාරටම කොහෙන්දෝ ආපු කෙනෙක් මගේ ඇගේ වැදිලා බිමට වැටුනෙ මාවත් ඇදගෙනමයි....
හම්මෝ කොන්ද...හොද පාරක් වැදුනා බිමට වැටිච්ච පාර..
"හ්..හියූන් අව්ලක් නෑ නේද..." කොහෙදෝ ඉදන් ආපු කුකියා එක අතකට අයිස්ක්‍රීම් දෙකම අරං අනිත් අත මට දික් කරේ මාව නැගිට්ටවන්න වෙන්න ඇති...හහ්..වැටිල ඉවර උනාම ඇවිත් අහින්සක මූණ දාන හැටි විතරක්.....
මම කුකියගේ අත මගෑරලා තනියෙන් හිටගෙන බැලුවෙ වැටිච්ච අනිත් කෙනාට අවුලක් නැද්ද කියලා...
අපොයි...ඉවරයි..කෙල්ලෙක් නේද...
"Oh....excuse me...are you ok..?"
මම එයාව නැගිටවන ගමං ඇහුවා... එයාගෙ අත සීරිලා...
"ආහ්..මොකක්..."
"ඔයා හොදින්ද කියලා ඇහුවෙ.."
"ආ...ඔ..ඔව්...කම්සාහම්නිදා....මම යන්නම්..."
එයාගෙ අත සීරිලා..හොඳින්ලු...
"ඉන්න...පොඩ්ඩක්.."
"ඇයි මොකද..?" හම්මෝ ගෑස් මෙයාගෙ
"ඔයාට sure ද හොදින් කියලා...ඔයාගෙ අත සීරිලා නේද.."
"ඒක්ට කමක් නෑ..මම යන්නම්.."
වචන වලින් දමලා ගහලා මටත් ඔරෝලා යන්න ගියේ...ආයිශ්..අපරාදෙ කෙල්ලෙක්ට සෙකන්ඩ් උනා නේ මේ කිම් සෝක්ජින් 😒💔
"හියුන්..මොකද්ද ඒ උනේ.."
"මගෙන් මුකුත් අහගන්න එපා...මෙන්න මෙහෙ දෙනවා මගෙ අයිස් ක්‍රීම් එක.."
මම අයිස් ක්‍රීම් එකත් උදුරං කා එක පාක් කරපු තැනට ආවෙ කුකියවත් එතන දාලා..
"හියුන් ඉන්න...මං එනකං..."
ජන්ග්කුක් ඈතින් කෑ ගහ ගහ පස්සෙන් එන බව දන්න නිසාම හැරිලවත් නොබලා කා එකට ගිහිං දොර වහ ගත්තෙ ගෙදර යන්න හිතං...
මම සෝක්ජින්..කිම් සෝක්ජින්...කොරියාවෙ නම්බර් වන් කිම් කම්පැනීස් වල අනාගත අයිතිකාරයා...මම ඉන්නෙ මගේ අප්පා එක්ක..මගේ ඔම්මා පොඩි කාලෙම නැති වෙලා තීන්නෙ හාට් ඇටෑක් එකකින්...මට දැන් වයස අවුරුදු විසි හයයි...සහෝදරයො සහෝදරියෝ කවුරුවත් නෑ... මගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් තමා මින් යුන්ගි කියන්නෙ... එයා අප්පගේ සෙකට්‍රි මින් අන්කල්ගෙ පුතා...මට වඩා අවුරුද්දක් බාල උනත් එයා තමා මාත් එක්ක නිතරම ලගින් ඉන්න එකම සහ හොදම යාලුවා....අප්පාට මං වෙනුවෙන් වෙන්කරන්න කාලයක් තිබ්බෙ නැති නිසා පොඩි කාලෙ ඉදන් අප්පගෙයි මගෙයි අතර එච්චර ලොකු සම්බන්ධයක් නැහැ...ඒ අඩුව පිරෙව්වෙ ඉතිං අන්කල් මින් තමා...හරිම හොද කෙනෙක්...මට යුන්ගියාව හදුන්නලා දුන්නෙත් අන්කල්ම තමා...
"හියුන් නං හරි නරකයි..ඉන්න කියද්දිත් ආවනේ..."
"ඇයි කකුල් නැද්ද එන්න.."
"හනේ මේ..දැං යමුද අපි...මට බඩගිනී..."
"කියනකං හිටියෙ.."
මම car එක start කරලා පාරට දැම්මෙ ගෙදර එන්න හිතං....
_______________________________________
Hellow guys 🙃
මගේ අලුත් ff එක...බොහෝවිට short එකක් වෙයි...
අදහස් උදහස් කියාගෙන...තරුවත් පාට කරං යන්න.....
BORAHAE 💜️
_Min Rushi_
YOU ARE READING
Why..?? || KSJ [short] (Completed)
ספרות חובביםසේහී.... ඇයි ඔයා එහෙම කලේ....?? ජින් ඔප්පා...මම යන්නම්...මොනව උනත් මම ඔයාට ආදරෙයි... ආදරෙයි සේහියා..... මමත් ගොඩක් ආදරෙයි ඔප්පා... Why..?_____________•°💔 _Min Rushi_ This is my second ff hope you'll enjo...