💚 Chapter 1 💚

Začať od začiatku
                                    

එන්න එන්න කළුවර වැටෙනවා. අපි දැන් මේ යන්නෙ අපි නවතින එපාර්ට්මන්ට් එක තියන තැනට. අරෝගෙ ඒ කියන්නෙ මගෙ අලි පැටියගෙ මල්ලි තමා අපිට මේක හොයලා දුන්නෙ. අපි කලින් මෙහෙ ඇවිත් නැති නිසා ගූගල් මැප් එක බලාගෙන තමයි ආවෙ. ගූගල් මැප් එකත් අපිටම ආතල් දෙනවනේ. එක වෙලාවක ඒක පෙන්නන පාරෙ ගියාම නවතින්නෙ වැවක් ගාවින්. මැප් එකේ පෙන්නන විදියට අපි හරිනම් යන්න ඕන වැව මැදින්. ගූගල් එකේ අයිතිකාරයා හිතුවද දන්නෑ අපිට හැරී පෝටර් කතාවෙ රොන් වීස්ලිගෙ තාත්තගෙ කාර් එක වගේ පියාඹන කාර් තියනවා කියලා හූම්. ආපහු හරවගෙන ඇවිත් ටික දුරක් ගියාම වෙලක් මැද්දෙන් යන්නලු.  තව සමහර වෙලාවට අනුන්ගෙ ගෙවල් මැදින් පාර පෙන්නනවා. අරෝගෙ කටින් ගූගල් මැප් එක හදපු එකාගෙ අම්මා මුත්තා කිත්තා කිරිකිත්තා වගේ මුළු හත්මුතු පරම්පාරවම බැනුම් ඇහුවා. ඔය ගූගල් මැප් එක තිබුන්නැත්තම් මෙලහකටත් අපි ගිහින්. ඒත් තාම මග.

" ඒයි..... අචී අපි ආවා  "

අපේ අලි පැටියා කෑ ගැහුවෙ නිකම් වස්කෝද ගාමා ඉන්දියාවට ආපු වෙලේ කෑ ගැහුවා වගේ. අවුලක් නෑ වස්කෝද ගාමටවත් ඉන්දියාව හොයාගන්න මෙච්චර අමාරු වෙන්නෙ නැතුව ඇති.

" ඒයි ෂනූ. නැගිටිනවා. ඒයි......... ෂනූ .............. නැගිටපාාාාන්...... "

" ⁣ගෙදර ආවද. ආ යමු යමු "

" අනේ අරෝ මේන් මේකිට දෙකක් ඇනලා නැගිට්ටවපන්. මේකි මෙතන අන්දපයිත්තියම් දොඩවනවා. "

මන් අරෝට ෂනූව ඇහැරවන්න කියලා කාර් එකෙන් එළියට බැස්සෙ අපේ අලුත් අපාර්ට්මන්ට් එකේ සිරි නැරඹීමේ ආසාවෙන්. මන් කැරකි කැරකි හතරවටේ කොකෙක් වගේ බෙල්ල දික් කර කර බැලුවත් අපාර්ට්මන්ට් එකක් තියා අපාර්ට්මන්ට් එකේ කෑල්ලක්වත් හොයා ගන්න බැරි වුණා.

" ඒයි ආචියා මොකෝ කරන්නෙ බෙල්ල හරව හරව. කොක් වන්නම නටනවද  "

මට හැමෝම කියන්නෙ අචී කියලා. ඒත් ෂනූ කියන්නෙ ආචියා කියලා. ඒකට මන් ගොඩක් ආසයි හූම්.

" මේ එතකොට කොක් වන්නමකුත් තියෙයිද ෂනූ. "

" ඊයා බන්..... තෝ මහලොකුවට උඩ දාගෙන කාලයක් නැටුනුත් කරා නේද. "

 - කෑකෝ ගෙදර with අයිතිකාරයා - (✓)Where stories live. Discover now