දහ අටවෙනි දිගහැරුම .......

3K 567 155
                                    

Beach boy........🌀🌀🌀🌀

ජාන් නැතිව ගෙවෙන දෙවැනි දිනයත් හෙමින් හෙමින් නිමාවෙමින් තිබුනේය... අදනම් යීබෝ තරමක් කාර්‍ය බහුල වී සිටියේය .... උදෑසන සිටම පැමිණිලි සහ අත්තඩංගුවට ගැනීම් රාශියකි.. ඒ අතර මත්ද්‍රව්‍ය ලඟ තබාගත් පුද්ගලයින් දෙදෙනෙක් ද සිටියේය ... ඔවුන්ව නම් කිසිදු සමාවක් නැතිව බින්හායි බන්ධනාගාරයට මාරුකරන්නට හැකිය...

"Si යීබෝ .... දැන් අත හොදයිද..."

කවදාවත් නැතිව ෆියෙමින් ඔහු අසලට කතාවට ආවේය ..

" හ්ම්ම්... ටිකක් අඩුයි...."

"ජාන් ඉන්නවද ....... "

යීබෝ සෘජුව ෆියෙමින් දෙස බැලුවේය ..

" නෑ මට මේ පොඩි වැඩකට..."

යීබෝ සිනාසුනේය ...

" මුහුදු ගිහින්...."

යැයි කීවේය ...  ඔහු එතැනින් ඉවත්විය....කවදාවත් නැතිව ඔහු ජාන් ගැන විමසුවේ කුමක් නිසාදැයි යීබෝ කල්පනා කලේය ... ෆියෙමින් ගේ අමුතු හිනාව යීබෝට අල්ලන්නේම නැත... ඔහු කොස්තාපල් වරයෙක් උවත් ධනවතෙක් බව ෆෙයි මීට පෙර පවසා තිබුනි..

☁ ☁☁☁☁☁☁☁

යීබෝ පොලිස් ස්ථානයෙන් පිටතට ආ හැටියේම බැලුවේ අහස දෙසයි... වැහි අන්දකාරයක් නැතිවීම ඔහුගේ හිතට සහනයකි.. වැස්ස කාලයක් ජීවිතේ සුන්දරම අවස්ථාවක් වූවත් අද එය යීබෝ දකින්නට අකමැතිම දේ විය... වැස්ස යනු දැන් හිතට බියක් එක් කරන්නකි... ජාන් මුහුදු ගොස් සිටින විට අහස වර්ණවත් ව ලස්සනට තිබුනේ නම්  යීබෝ සතුටිනි.... නමුත් අන්ධකාර වී අඬන්නට සූදානම් ව සිටින අහසක් නම් ඉතින් යීබෝ එදිනට කන්නේවත් නැත... හිතම පාලුවී යයි.. බියක් ඇතිවෙයි... යලි ඒ රුව නෙතු ඉදිරියේ දකින තුරු හදවත නිවෙන්නේම නැත...

වැස්ස දුටුවාම තමන් බිය බව වරක් යීබෝ ජාන්ට පැවසූ විට ඔහු නම් කීවේ

" ගොඩබිමට වැස්සට ගොළු මුහුදට වහින්නෙ නෑ මැණික ... "

කියාය.....

" ගොළු මුහුද කියන්නෙ..."

යීබෝ එදා යලිත් ඇසුවේය ...

Beach boy (Zhanyi ff Complete )Where stories live. Discover now