දහවෙනි දිගහැරුම ........

4.9K 628 128
                                    

Beach boy ...... 🌀🌀🌀🌀

උදෑසන වරුවම යීබෝ ඔහුගේ කාර්‍යාලය තුල ලියකියවිලි වැඩ කිහිපයක් සදහා කාර්‍ය බහුල විය... ඒ අතර සුලු පැමිණිලි කිහිපයක් ද විභාග කලේය... ලිපිගොනු කිහිපයකට හිස යොමාගෙන සිටින විට පොලීසිය ඉදිරිපස පාරෙන් ජාන්ගේ කටහඩ ඇසෙන්නට විය...

" කෑගහන සද්දෙ.... අනේ මන්දා  .."

යීබෝ තමන්ටම මුමුනා ගත්තේය .. ඒ වනවිට සවස තුනටත් ආසන්න වී තිබුනි ..

" ආ.... තට්ට සර්... කොහොමද ..."

වටේටම කෑගසමි ජාන් පොලීසිය තුලට ඇතුලුවිය...

"මොකද ජාන් අද මේ පැත්තේ.."

කොස්තාපල් ෆියෙමින් අසනවා යීබෝට ඇසුනි ....

" මහත්තුරු බලලා යන්න ආවා... හුඟ දවසකින් එන්නත් බැරිවුනානේ..."

ජාන් හිනාවෙමින් කියනුද යීබෝට ඇසුනි...

" ජාන් ලොකු සර් ඇතුලෙ ඉන්නවා යන්න..."

ඉන්ස්පෙක්ටර් ජියැන්ග් පැවසුවේය .. එක්වරම යීබෝගෙ කාමරය ඉදිරියෙන් ජාන් හිටගත්තේය .. පසුව ඇතුලට ගිහින් එන්නම් යැයි අතින් කියා එතැනින් ඉවත්විය.. යීබෝගෙ මුවඟට සිනහවක් නැඟුනි.....

ජාන් oic සර් සමග පැයකටත් වඩා කතා කරමින් සිටියේය .. විටෙක සිනාසෙන හඩ ඇසුනි... තවත් විටෙක ජාන් කේන්තියෙන් කියවන හඩ ඇසුනි... සියල්ලන්ටම වඩා ඔවුන්ගේ සාකච්ඡාව ගැන උනන්දුව තිබුනේ කොස්තාපල් ෆියෙමින් හටබව අනෙක් සියල්ලන්ටම වැටහුනි... ඔහුට අවශ්‍යතාවක් නැතිවත් ලොකු සර්ගේ කාමරය ඉදිරියෙන් එහෙට මෙහෙට කීපවතාවක්ම ගියේය...

යීබෝ ඔහුගේ වැඩ අවසන්ව ඉදිරිපස ශාලාවේ හී ෆෙයි සමගින් වාඩිවී කතාකරමින් සිටින විට ජාන් එළියට ආවේය .... හැබැයි ඔහු කිසිම වෙලාවක කවුරුත් ඉදිරියේ චූටි මැණික යැයි එදායින් පසු කියන්නේ නැත... ඔහු යීබෝ සහ ෆෙයි සිටින තැනට ආවේය ..

" අපේ si මහත්තයා හොදයිද තට්ට සර්..."

ජාන් ෆෙයි ගෙන් ඇසුවේය ...

" අපේ ලස්සන සර් නේ ඒ ජාන්..."

ෆෙයි ගෙත් කට වෙලාවකට ජාන්ට එහාට.. ටික වේලාවකින් ඔහු පොලීසියෙන් පිටවිය...

Beach boy (Zhanyi ff Complete )Where stories live. Discover now