දාසය වෙනි දිගහැරුම .......

3.6K 557 167
                                    

Beach boy........ 🌀🌀🌀🌀

ජාන් වැල්ලට ගොස් එනතුරුම අවදියෙන් ඉන්නට සිතුවත් යීබෝට ඔහුගේ අතේ වේදනාව තදින්ම දැනෙන්නට පටන්ගත්තේ පැය භාගයක් පමණ ගතවූ පසුවය... වේදනා නාශක පෙත්‍තක්ද පානය කර ඔහු ඇදට ගොස් හාන්සිවූයේ නිදිමතටත් වඩා දැනුන කෙඩෙත්තු ගතිය නිසායි...  එකිනෙක රාත්‍රියේ සිදුවීම් කල්පනා කරමින් සිටින විටම යීබෝට නොදැනීම දෑස් පියවුනේය ...

💱💱💱💱💱💱💱... මයික් ගේ ස්ථානය...

මෙය තරමක් පැරණි ගබඩාවක් වැනි ස්ථානයකි...  මයික් ගේ හොර මැරකම් සියල්ල සිදුවන්නේ මේ තුලයි... මෙහි බිම් මහලක්ද ඇත... නීතිවිරෝධී මත්ද්‍රව්‍ය බෙදාහැරීම සිදුවන්නේ එතැනිනි... නමුත් මෙම ගබඩාවට ඉදිරියෙන් ඇත්තේ මයික්ගෙ තෙමහල් ඇදුම් සාප්පුවයි... එනිසාවෙන් මෙම ස්ථානයට කිසිවෙකුට පහසුවෙන් ඇතුල්විය නොහැකිය...

" ජාන් එක්ක මගෙ තිබුනු තරහා ඊයෙ ඩබල් උනා.. අද හෙටම උගෙ බොඩිය වැල්ලට ගහගෙන එන්න වැඩ සිද්දකරන්න ඕන..."

මයික් මත්පැන් බෝතලයක් හිස්කරමින් ඔහුගේ ගෝලයන් සමග මෙසේ මේ කියවන්නේ මධ්‍යම රාත්‍රියේ සිටයි... දැන් එළිය වැටෙන්නට ආසන්න වූවත් ඔහුගේ කේන්තිය අවසන් වී නැත...

" අර si... ඔව් මම උගෙ රහ බලනවමයි.... ඒ මූණ ඉස්සරහා මාව දියවෙලා යනවා ... ඔහොම හිටපංකො තව ටිකක්  ... මේ මයික් ගහන්නං උඹලට ගලවගන්න බැරිවෙන්න ගැටයක්..."

මයික් සල්ලාලයෙකි... ගැහැණු , පිරිමි කියා ඔහුට බේදයක් නැත... සල්ලි වීසි කර ජනාධිපති සමග හෝ යහන්ගත වෙන්නට සිතුනොත් ඔහු එය සිදුකරයි..

" ලොක්කා ගැමාගෙ එකෙක් තමයි ලු ජානගෙ ගෙට ගිනි තියලා තියෙන්නෙ . ."

එකෙක් කීවේය... ඒ ඊට ටිකවෙලාවකට පෙර කවුරුන්හෝ ඇමතුමක් දී ඒ පණිවිඩය ඔහුට කිවූ නිසාවෙනි ...

" ආහ්... අර බෝට්ටු ගැමා... අහිංසක මැරයෙක්... ඌට මොකක්ද දන්නෑ ජානත් එක්ක තියෙන කොක්ක..."

මයික් යලිත් ඇසුවේය...

" බෝට්ටු කේස් එකක් තමයි... ඔය ජාන් මොකාට අසාධාරණයක් උනත් බෙල්ල දානවනේ . . එහෙම සීන් එකක්.."

Beach boy (Zhanyi ff Complete )Where stories live. Discover now