හත්වෙනි දිගහැරුම ..............

4.1K 610 195
                                    

Beach boy ....... 🌀🌀🌀🌀

සිදු වන්නේ කුමක්දැයි යීබෝට සිතා ගන්නට නොහැකි විය ... සෑදූ තේ කෝප්ප දෙකම මේසෙ උඩින් තැබු යීබෝ ඉක්මනින් දොරකඩට ගියේය... ඒ වන විටත් තුන්මං හන්දිය පසුකර වැල්ල දෙසට සෑහෙන දුරක් ජාන් පැමිණි මිනිසා සමග ගොස් තිබුණි ...

" රණ්ඩු වලට එක්කගෙන යන්න එන එවුන්ව ඔක්කොටම කලින් කූඩු කරන්න ඕනේ "

යීබෝ කේන්තියෙන් මදක් උස් හඬින් කීවේය ...

" බින් මෝඩයා.... බින් මෝඩයා ....."

බබූ කෑ ගසන්නට පටන් ගත්තේය ...

" ඔක්කොම මෝඩයො වගේ තමා ..."

යීබෝ බබූ අසලට විත් කීවේය ...

"ඔක්කොම මෝඩයෝ...... ඔක්කොම මෝඩයෝ....."

ඌ යලිත් කියන්නට විය ...

රාත්‍රී හත වන විට මුහුදු යන්නට තිබෙන බව කියූ නිසාවෙන්  යීබෝ නූඩ්ල්ස් හදන්නට පටන් ගත්තේය ... විටෙන් විට වැල්ල  දෙසින් කෑ ගැසීම් හඬවල් කිහිපයක් ඇසුනත් ඒවා මේ වැල්ලට අලුත් දේවල් නොවන බව මේ දින හතර පහට යීබෝ තේරුම් ගෙන තිබුණි ... එළවළු සිහින්ව කපා පසෙකින් තැබූ ඔහු යළිත් දොරකඩට ගොස් මදක් බැලුවේය .. හයත් පසුවී ඇති බැවින් දැන් අන්ධකාරයත් එන්නට පටන් අරන් ඇත... ඔහු තවම නැත මොනව වුණත් බරපතළ රණ්ඩුවක් නම් වන්නට ඇත ...

යීබෝ යලිත් මුළුතැන්ගෙට ගොස් ඉතිරි වැඩකටයුතු වැඩ කටයුතු පටන් ගත්තේය ...

" ආ... ෆිට් එක....."

බබූ කෑගහන හඬින් ජාන් ගෙට ඇතුළු වූ බව යීබෝ දැනගත්තේය ...

" සුවඳ පාරට එනවා චූටි මැණික .. "

ජාන් එසේ කියා කියාගෙන ඇවිත් නැවතත් පුටුවක් ඇද වාඩි විය ... යීබෝ විනාඩි කිහිපයකට පසු ඔහු දෙස හැරී බැලූවේ ඔහු නිශ්ශබ්ද ඇයි දැයි කියාය ...

ඔහු අත ඉහලට අල්ලාගෙන සිටී... දුර්වර්ණ වී ගිය රෙදි පටියක් අත වටා ඔතා තිබිණි ... එහිද ලේ තැවරී තිබෙනු යීබෝ දුටුවේය ...

" මේ මොකද්ද වුණේ ..."

කරමින් සිටි වැඩය එතැන එතැන ම නවතා දමා යීබෝ ඉක්මනින් ජාන්  ළඟට ආවේය ..

Beach boy (Zhanyi ff Complete )Unde poveștirile trăiesc. Descoperă acum