හතරවෙනි දිගහැරුම ....

4.7K 622 169
                                    

Beach boy .......🌀🌀🌀

තඩි ගිරවෙක්  කරේ තියාගෙන කූඩුවක් අනෙක් අතින් එල්ලාගෙන ජාන් නිවස ඉදිරිපස සිටියේය ...

" ආහ්... චූටි මැණික .... ඔයාට තෑග්ගක් ගෙනාවා..."

කිසිම  ඇහිල්ලක් බැලිල්ලක් නැතුව ඔහු නිවසට ගොඩ විය .. කූඩුව පසෙක ඇති මේසයක් මතින් තබා ඔහු ගිරවා අතට ගත්තේය ...

" බබු .... කෝ කියන්න බලන්න කවුද අලුතෙන්  ආවෙ කියලා ...."

පුටුවකින් ඉඳ ගන්නා ගමන් ම ඔහු ගිරවා හා කතා කරන්නට පටන් ගත්තේය ... යීබෝ   තවමත් දොරකඩට වී ඔහු දෙස බලා සිටී ...

" චූටි මැණික , චූටි මැණික ...."

ගිරවා කෑ ගසන්නට පටන් ගත්තේය ...යීබෝගෙ මුහුණ යළිත් රතු විය ... එකෙක් මදිවට තව ගිරවෙකුත් පටන් ගත්තා .. යීබෝ හිතුවේය ... නමුත් ගිරවා කටකාර ලෙස එසේ පවසන විට යීබෝටද ආසා හිතුනි...

" මම දෙපාරයි ඉගැන්නුවේ චූටි මැණික ...."

ජාන් සිනාසෙමින් පැවසුවේය ...

" චූටි මැණික , චූටි මැණික "

ගිරවා යළිත් කෑගසන්නට පටන් ගත්තේය...

" මම අද ට්‍රෝලර් යනවා.... මම එනකන් මේ චූටි මැණික ඔය චූටි මැණික ගාව හිටපුදෙන් ...."

" ට්‍රෝලර් ... ඒ කියන්නෙ ..."

යීබෝ කුතුහලයෙන් ඇසුවේය ...

" දවස් තුන හතරකට ඈතට යනවා මගෙ ට්‍රෝලර් බෝට්ටුවේ... අපි සිමාව ලඟටම වගේ යනවා ලොකු මාලු අල්ලන්න..."

එය ඇසුණු විට නම් යීබෝගෙ පපුව  වේදනා දෙන්නට පටන් ගත්තේය...

ජාන් ගිරවා කූඩුවට දමා දොර වැසුවේය...

" චූටි මැණික ඉව්වද ..."

ඔහු ඒ ගමන මුළුතැන්ගේ දෙසට යන්න පටන් ගත්තේය ... යීබෝ  ඔහු පසුපසින් ගියේය..  ගෑස් ලිප මත වසා තිබුණු නූඩ්ල්ස් බඳුන ඔහු විවර කළේය ...

" ව්වාව්... සුවඳ ...."

ඔහු එසේ කීවේය ...

" චූටි මැණිකට හොඳට උයන්න පුලුවන්ද ..."

ඔහු යීබෝ දෙසට හැරී ඇසුවේය ...

යීබෝ හිස පමණක් ඔව් යනුවෙන් පවසන්නට වැනුවේ ඒ ඇස් දෙසම බලාගෙනයි ...

Beach boy (Zhanyi ff Complete )Where stories live. Discover now