Chapter : 08 🖤✨️

Zacznij od początku
                                    

"මම මේ........" කියලා ඉතුරු ටික කියන්න කට ගන්නවත් එක්ක මෙච්චර වෙලා කටපියන් හිටපු හාජින් මැද්දට පැන්නා.....

"අහ්හ් අයියේ මේ.... මෙයා කියන දේවල් ගනන් ගන්න එපා හොදද..... මෙයාට ටිකක් සනීප නෑ......"

"සනීප නෑ......මට ඇති අසනීපයක් නෑ......."
මන් ගත් කටටම කිව්වා....

"මින්හෝ...... කටපියාගෙන මෙහෙ එනවා යන්න......."

හාජින් වටපිට බලන ගමන් දත්මිටි කාගෙන මන් දිහා බලලා හිමින් කිව්වා. වටේ හිටපු අයත් මගෙ දිහා ඇස් ලොකු කරගෙන බලාගෙන හිටියෙ කන්න වගේ......

"ටේයොන්.. මේ විහිළු කරන වෙලාවක් නෙමේ හරිද..... මන් සිරාවටමයි අහන්නෙ......
ඔයාට මාව මතක නැද්ද ?......"

එන්න එන්නම ඔලුව විකාර වෙන්න ආව නිසා මන් කෙලින්ම ටේට කතා කළා...

"ටේයොන්...... ටේයොන් කියන්නෙ කවුද ? අනික තමුසෙ කවුද ? මම තමුසෙව අදුරන්නෙ නෑ..."

අම්මේ ඉතින් මේ වෙලාවට තමා ටේගෙ හත්මුතු පරම්පරාවම මට මතක් වෙන්නෙ.. තමන්ගෙම නම කට ඇද කරලා උච්චාරණය කරන කැත විතරක්.... මොන බහුබූතයක් කියවනවද මන්දා...
මම එහෙම හිතුවෙ ටේගෙ මූණ දිහා බලන ගමන්.... එයා ඇස් පුoචි කරලා මගෙ උඩ ඉදන් පහළට බැලුවෙ හරියට ස්කෑන් කරනවා වගේ....

ටේ එහෙම කිව්වට පස්සෙ එයාගෙ එහාපැත්තෙ හිටපු තවත් මිනිහෙක් ඇවිත් එයාගෙ කනට කරලා මගෙ දිහා ඇස් කරකව කරකව බල බලා මොනාද මන්දා කිව්වා.......

"අහ්හ්හ් තමුන් යැo මුන්ගෙ මිනිහෙක්ද එහෙනම්..........."

ටේ එහෙම කිව්වේ කලින්ට වඩා මූණ වෙනස් කරගෙන හරියට මාව ඇදිරුවෙ නැති වුණාට අර තට්ට නායකතුමාව අදුරනවා වගේ.....

"නෑ මම මේ.........."

ආයෙත් කියන්න කට ගන්නවත් එක්කම හාජින්,

"මෙයා කියන දේවල් ගනන් ගන්න එපා..... ඔයාලා කරකර හිටපු වැඩ කරගෙන යන්න...... අපි යනවා..."

කියන ගමන් මගෙ අතින් අල්ලගෙන එතනින් යන්න හැදුවා......

"මේ පිස්සාව ඉක්මනටම වෙදදුරෙක් ගාවට ගෙනියනවා.....
කොහෙද යන පිස්සෙක්......"

My Empress 🖤️✨ ( Sinhala Ff ) Complete Opowieści tętniące życiem. Odkryj je teraz