"මට තේරෙන්නේ නෑ බන්... කිසිම දේක කිසිම progress එකක් නැ.."

"දැන් tumor එක වෙනදට වඩා වේගෙන් spread වෙන්න අරෙගන බන්.. අනිත් organs වලටත් damage කරන තැනටම ඇවිත්..."

"Treatments වලින් වැඩක් නෑ වගේද..."

" එහෙම එකක් නෙමෙයි බන්.. උබ දන්නවනේ මනුස්සයෙක්ගේ ඇඟේ ලෙඩ හොඳ කරන්න නම් ඒ මනුස්සයගේ හිතේ ලෙඩ හො‍ඳ කරලා ඉන්න ඕන කියලා..."

"හ්ම්ම්.. ඒක නම් ඇත්ත තමයි.."

" ඇයි බන් හේසෝ මෙහෙම හැසිරෙන්නේ.."

"මට නම් හිතෙන්නෙ chemo එක හින්දා වෙන්න ඕන.. උබ දන්නවනේ ඒකෙන් logical හිතලා දෙයක් තේරුම් ගන්න තියෙන හැකියාව අඩුවෙලා යනවනේ බන්... අනික හේසෝ මුලින් මේ හැමදෙයක්ම විඳ දරාගත්තේ තනියම ඒකත් එයාට ලොකු පීඩනයක් වෙන්න ඇති.."

" මන් දන්නවා.. ඒත් කොහොමද බන් මන් මේවා බලාගෙන ඉන්නේ හේසෝ අන්තිමට හිනා වුන කාලයක් මට මතක නෑ.. එයා රෑට දැන් නිදාගන්නෙත් නෑ වේදනයිලු ඇඟ ඇතුළෙන්... සමහර දවස්වලට ඔහේ අඬනවා ඒත් කඳුළු එන්නේ නෑ... මට බෑ බන් මේවා බලාගෙන ඉන්න.. එහෙන් සූහී.. අර දෙන්නා ඉදියෙ නැත්තන් මේ ඔක්කොටම කලින් මන් මැරිලා ගිහින් බන්..."

"ශ්..ශ්.. මොනවද බන් මේ කියන්නේ... උබට පුළුවන්.. අපි හේසොට කොහොම හරි තේරුම් කරලා දෙමු..."

හේ ජින් එහෙම කියන ගමන් ජොන්ග් සක්ගේ උරහිසට තට්ටු කරන්න ගත්තේ සනසන්න හිතාගෙන උනත් ජිනාටත් තමන් කියපු දේ ගැන විශ්වාසයක් තිබුණේ නෑ...

"ඒක නෙමෙයි බන් අපි සූහිව එක්කගෙන එමුද.."

"සූහිව මෙහෙට....!.."

"ඔව් සමහර විට සූහිව දැක්කාම හේසොට පොඩි හරි බලාපොරොත්තුවක් ඇති වෙන්න පුළුවන්..."

"ඒත් අපි හිතන තරම් ලේසි නෑ බන්... හේසෝව දැකපු ගමන් සූහි අහන ප්‍රශ්නවලට මන් කොහොමද උත්තර දෙන්නේ.. අනික හේසෝ උනත් ඒවගෙන් තවත් අවුල් ගියොත්..."

"අයිගෝ සුකියා... ඔහොම බෑනේ බන් උබ මූද හත්ගව්වක් තියන් අමුඩ ගහනවනේ... මන් නම් හිතන්නේ නෑ උඹ හිතන තරම් දේවල් වෙයි කියලා.. සූහිව එක්කන් වරෙන්... අපි බලමු.."

Gone With the Wind || [COMPLETED]Where stories live. Discover now