Dark Magic & Saraya - Ep. 02 🔮

Comenzar desde el principio
                                    

" ආහ්හ්? මොකක්ද? පිස්සුද.. ? තමුසෙට පිස්සු හැදිලද? මොන මැරේජ්ද අපි දෙන්නට.. 😑 "

" හොබී 😑 "

" නෑ නෑ සරායා ඒක වෙන්නෙ නැහැ.. මම ඔයාට දවසකුත් කිව්වා.. ඔයා මගෙ හොදම යාළුවා.. එතනින් එහාට අපේ කිසි දෙයක් නැහැ.. ඒක අමතක කරලා වැඩ කරන එක නවත්තන්න.. මං ආයෙ කියන්නැ.. "

" අනේ.. 🥺 "

" නැහැ නැහැ.. මං කිව්වනෙ.. අනික ඔයා දන්නවා මං ලාමියාට කොච්චර ආදරේද කියලා..අපි ගොඩක් සතුටින් ඉන්නෙ. ඔයා මේ නටන නාඩගම නිසා මට එපා වෙලා තියෙන්නෙ 😑 "

" හොබී ඔහොම කතා කරන්න එපා මට තරහා යනවා.. 😑 "

" තරහා ගිය දෙන්.. මං බය නැහැ.. තමුසෙ හිතන් ඉන්නෙ ඔය මැජික්කාරයොන්ට බය එකෙක් කියලද මම.. 😑😂 "

" මේ අහන්න.. මං ඔයාට ගොඩක් ආදරෙයි.. ඒක වෙනස් වෙන්නෙ නැහැ.. ඔයාට මම ආදරේ කරන්නෙ දැන් ගොඩ කාලෙක ඉදලා.. මං ආදරේ කරපු පළවෙනි පිරිමියා ඔයා.. ඒ වගේම අන්තිමයත්.. මාව තරහා අවුස්සගෙන අර ගෑනිව මගෙ අතින් මරාගෙන මේ හැමදෙයක්ම අපායක් කරගන්න හදන්න එපා .... "

" අහ්හ් 😂😂 යකෝ.. මං බය නැහැ.. ඕන දෙයක් කරනවා තමුසෙ.. 😑 "

" එහෙමද.. 🙂එහෙනම් බලන් ඉන්නවා.. අර හිගන ගෑනිද මමද කියලා.. 😑 "

" එයාට වචනයක් කියන්න එපා.. 😑 "

හෝසොක්ට තරහ ගිය පාර සරායගෙ කම්මුල් දෙක මිරිකගත්තෙ එක අතකින්.. කෙල්ලගෙ කම්මුල් වල ඇගිලි පාරවල් හිටින තරමට තදින් අල්ලන් මූණට එබුනෙ ඇස් තරහින් රතු කරගන්න ගමන්...

" උබට මම.. අශ්ශ්ශ්... මේ අහනවා.. පොඩි එකෙක් වෙන්න එපා.. තමුසෙ ලස්සනයි.. තමුසෙට හොද කොල්ලෙක් හම්බෙනවා මම දන්නව.. මේ විකාර වැඩෙ නවත්තනවා මාව යකෙක් නොකර.. 😡 "

" මං නවත්තන්නෙ නැහැ 😡 බලන් ඉන්නවා.. වෙන දෙ.. "

සරායා එහෙම කියලා හෝසොක්ගෙ අතින් අල්ලලා ගසලා දාලා කොලේජ් එක ඇතුලට ගියේ හෝසොක් දිහා බලන්නෙවත් නැතිවයි...

මොහොතකට හිටි තැනම ගල් වුනු හෝසොක් බිම බලාගෙනම කොලේජ් පාර්ක් එකෙ බෙන්ච් එකේ වාඩි වුනා.. තමන් ගැනම කළකිරීමකින් හිටිය හෝසොක් මොහොතකට කල්පනා ලෝකෙ අතරමං වුනේ හැගීමකින් තොර සුසුම් අහසට මුදාහරිමින්...

LAMIA | The Undead Love | JH Donde viven las historias. Descúbrelo ahora