ඒත් ඒ ඇස් වල මම පුංචි වෙනසක් දැක්කා.. එයා හදන්නේ මගෙන් ඒ ඇස් හංගගන්න ඒක මට හොඳටම දැනුනා.. වෙනදා කිසිම වගකීමක් නැතුව ඔහේ හිනාවෙලා විනෝදෙන් හිටපු හේසෝගේ ඇස් වල මම මොකක්දෝ ලොකු කතාවක් දැක්කා.. ඒ බැල්මේ වෙනදා නැති වගකීම් සහගත බවක් තිබුණා.. හිනාවෙන් දඟකාරකම් වලින් දවස ගෙවපු මගේ හේසෝ දැන් වෙනස් වෙලා ටිකක් ඇදිලා ගිහිල්ලා.. ඒත් මට අදත් එයා මගේ සුරංගනාවි.. අදටත් එයා මට ඕනවටත් වඩා ලස්සනයි...

මොහොතකට යා වුණු අපේ ඇස් ඉක්මනට අයින් කරගන්න හේසෝ වගබලාගත්තා... හරියට.. හරියට මගෙන් හැංගෙන්න වගේ... අහේතුකව මගේ හිත අමුතු දුකකින් පිරිලා යනකොට මම මගේ දොස්තර හිනාව හේසෝට දැම්මා..

"ඩ්....ඩ්..ඩෝචී..."

පැංචිව ටිකක් උස්සගන්න ගමන් බිඳුණු කටහඬකින් හේසෝ මට කතා කළා... ඩෝචි කියලා... 'තාමත් ම්තකයි එහෙනම්..' මං මටම කියාගත්තේ හිත අමුතු සතුටකින් පිරිලා යනකොට..

"මැඩම්......... දැන් ඔයාගේ turn එක..."

Nurse ගේ කටහඬින් පියවි සිහියට ආපු හේසෝ අමාරුවෙන් ආයෙමත් දරුවව උස්සගෙන හීන් හිනාවක් මුනේ රඳවගෙනම consultant ගේ room එකට යන්න හැදුවා...

"ඔහොම ඉන්න.."

මම එහෙම කියලා හේසොගේ අතට බෑග් එක දීලා දරුවව මගේ අතට ගත්තේ හේසෝ ටිකක් අමාරුවෙන් ඉදියේ කියලා මට දැනුන නිසාමයි....

"ඒ..ත්.."

"හරි යමුකෝ ඇතුළට.."

ආයෙමත් ඇස් ලොකු කරගෙන හේසෝ හැදුවේ මොනාහරි කියන්න.. ඒත් මං ඊට කලින් එයාව නවත්තලා එයාව පහුකරගෙන consultant ගේ room එක ළඟට ගියා.. මටත් නොදැනුවත්වම මූනේ ඇඳුන හිනාවකුත් එක්කම මම consultant ගේ room එකට ගිහින් වාඩි වුනේ හේසොත් මගේ පස්සෙන් එනවා කියලා මට දැනුන නිසාමයි..

Doctor උනත් පුදුම උනා මම දරුවෙක් වඩාගෙන ඇතුළට එනකොට..

"ඕහ්... Dr. Jong Suk... අපි දන්නෑනේ බබෙක් ඉන්නවා කියලා..."

Doctor අහපු ප්‍රශ්නෙට හේසෝගේ ගැස්සුනා එයා මන් දිහා බැලුව් මගේ උත්තරේ බලාපොරොත්තුවෙන්...

"ආහ්... අනී.. අනී... මේ මගේ යාලුවෙක්ගේ බබෙක්... මේ බබාගේ අම්මා..."

Gone With the Wind || [COMPLETED]Where stories live. Discover now