මට පිටුපාලා ඉඳියත් මට ඒ කවුද කියලා අඳුනගන්න මහ වෙලාවක් ගියේ නෑ.. ආදරේ කරන්න ආදරේ විඳින්න මට කියලා දුන්න මගේ බිරිඳ... නෑ.. නෑ...මගේ කලින් බිරිඳ... ප්‍රශ්න පත්තරේම උත්තර ළඟ තියන් ඉන්න කෙනා...

ඒත් ඒ අත් අතරට හිර වෙලා ඉදියේ පුංචි කෙලි පැටියෙක්... ඔම්මගේ උරහිසට ඔලුව තියාගෙන නිදාගෙන ඉන්න ඒ පැංචිව දැක්කාම හිතට සතුටක් දැනුනත් මොහොතකින් එයාම මට මතක් කරලා දුන්නා මම දැන් හේ සෝට තවත් එක පිටස්තර මනුස්සයෙක් විතරයි කියලා..

අවුරුදු ගාණක් හිතේ තිබුණ පුංචිම බලාපොරොත්තුවත් බොඳ වෙලා යද්දී... වචනෙන් කියාගන්න බැරි වේදනාවක් මගේ පිරිමි හිත පුරාවටම පැතිරෙන්න ගත්තේ ඇස් දෙකත් යන්තමට බොඳ කරන ගමන්...

මම තවත් එයාලට අයිති නෑ.. එයාට අලුත් ජීවිතයක් අලුත් පවුලක් ලැබිලා.. අවුරුදු හයකට කලින් අපෙ කතාවට මම තිබ්බේ කොමාවක් උනාට එයා ඒ කතාවට තිතක් තියලා අලුතින් තව කතාවකුත් පටන් අරගෙන... තවත් ඉස්සරහට යන්න බෑ කියලා කකුල් දෙක අදිමදි කරද්දිම මම කාටවත් නොපෙනෙන්න ඇස් අගින් මෝදු වුන කඳුල පිටි අල්ලෙන් නවත්තගත්තේ අමාරුවෙන් දරුවවත් වඩාගෙන ඉන්න හේසෝ දිහාවට යන්න...

හිත අස්සේ හැංගිලා හිටපු ප්‍රේමවන්තයගේ චරිතයෙන් මිදුනු මන් ආයෙත් සුපුරුදු පරිදි දොස්තර කැරැට්ටුවට ඇතුල් උනේ හදවතේ බුරා බුරා නැගෙන වේදනාවට මොහොතකටවත් පිට වෙන්න අවස්ථාවක් දෙන්නේ නැහැ කියලා මටම පොරොන්දු වෙන ගමන්..

"මැඩම් දැන් ඔයාගේ turn එක.."

දරුවවත් වඩාගෙන වාඩිවෙලා හිටපු හේසෝ නැගිට්ටේ බොහොම අමාරුවෙන්.. ඒත් එක්කම එයාගේ පර්ස් එකත් තව files වගයකුත් බිම වැටුනා.. දරුවවත් වඩාගෙන හිටපු නිසා ඒක ගන්න එක හේසෝට එච්චර ලේසි උනේ නෑ..

ප්‍රශ්න ගොන්නක් හිත ඇතුළේ පොර කනකොට මම හේසෝ ළඟට ගිහින් එයා දිහා නොබලම ඒ බඩු ටික අතට දෙනකොට ඒ ඇස් පුදුමෙන් විසල් වෙනවා මන් හොඳටම දැක්කා..

වෙනදා වගේමයි...
පොඩි දෙයක් උනත් ඇති මගේ හේසොට පුදුම වෙන්න... ඇස් ලොකු කරගෙන එයා බලන් හිටපු විදිය මාව ඉබේටම අරන් ගියේ අවුරුදු හයක් පරණ අපේ සුන්දර අතීතයට...
ඒත්..

Gone With the Wind || [COMPLETED]Where stories live. Discover now