CHAPTER - 2

529 174 17
                                    

" මොකද කෑ ගැහැව්වේ...බලනවා පික් එකක් තෝරගන්නත් බැරි උනා..."

ජීයුගෙ කෑ ගැහිල්ලට බයවෙලාම යුංගි කරන්න ගිය වැඩෙත් දාලා ජීයු හිටපු තැනට දුවන් ආවා...කෙල්ල නම් හොදට හිනාවෙවී බලන් ඉන්නෝ ....

" යුංගියා...මේ මෙතන ගිටාර් එකක් තියෙනවා..මටත් කියලා දෙන්නකෝ කොහොමද ප්ලේ කරන්නෙ කියලා ...අනේ..."

" මේක පෙන්නන්නද ගිරිය කඩන් කෑ ගැහැව්වේ...පිස්සු හැදිලද?...අපරාදෙ මට පික් එකකුත් තෝරන් එන්න තිබ්බේ..."

" ඉතින් ඔය ප්ලාස්ටික් කෑල්ලෙ මොකක් තෝරන්නද...ඔක්කොම එකයිනේ...පිස්සු...කියන්න මට මේ ගිටාර් එක ප්ලේ කරන හැටි කියලා දෙන්න පුලුවන්ද බැරිද..."

" බෑ..."

තනි වචනෙන්ම උත්තරේ දීලා යුංගි ආයෙමත් පික් එකක් තෝරගන්න ගියා...පික් එකත් තෝරන් ආයෙමත් ජීයු ඉන්න තැනට එද්දි ජීයු ගිටාර් එකත් අරන් හිනා වෙවී ඉන්න හැටි යුංගි දැක්කා...

" ජීයු...කාගෙන් අහලද ගිටාර් එක කේස් එකෙන් එලියට ගත්තේ...කෝ ගිටාර් එක කේස් එකට දාන්න ආයෙමත්...පික් එකත් අරන්..."

" ඔයාගෙද ගිටාර් එක යුංගි .."

"නෑ මගේ නෙමෙයි ඒ..."

" ඒකනේ ... ඔයාගෙ නෙමෙයිනම් නටන්නෙ නැතුව ඇවිත් මට මේක කියලා දෙන්න...ගිටාර් එක මම මේකේ අයිති කාරයා එක්ක බලාගන්නම් ...කෝ එන්න ඉතින්..."

ජීයු කියන්නෙ කොහොමත් යුංගි කියන දෙයක් අහන කෙනෙක් නෙමෙයිනේ...කොහොමත් දැන් බෑ කියලා බේරෙන්න බැරි නිසා යුංගි ජීයුගෙ අතේ තිබ්බ ගිටාර් එක අරන් ටියුන් කරන්න ගත්තා....

" එන්න ජීයු මෙතනින් වාඩිවෙන්න..." යුංගි කතා කරන පමාවට ජීයු එතන තිබ්බ පුටුවකින් වාඩිවෙලත් ඉවරයි....

යුංගි ජීයුගෙ අතට ගිටාර් එක දීලා ජීයුගෙ පිටිපස්සෙන් ගිහින් ජීයුගෙ අත් දෙක ගිටාර් එකෙන් තිබ්බා..

දකුනු අතින් පික් එක අල්ලන හැටි කියලා ජීයුගෙ අතින් අල්ලන් එක වයර් එකෙන් වයර් එක ප්ලේ කරලා පෙන්නුවා...

" කෝ එහාට වෙන්න...මම ප්ලේ කරන්නම්..."

" මොකද්ද ප්ලේ කරන්නම් කිව්වෙ...මම පික් එක අල්ලන විදිය විතරයිනේ කියලා දුන්නේ...."

 SILENT LOVERS ♡ || MYG ✅Where stories live. Discover now