"නෑ හ්‍යොං මම හොදින්.."

"හොදට බඩ පිරෙන්න කන්න ඕන හොදද.."

"නේ හ්‍යොං.. කොමාවෝ මේ හැමදේටම..."

මෝචිගෙ කොණ්ඩෙ සිනිදුවට අවුල් කරලා දැම්ම හ්‍යොං මගෙ පැත්තට හැරිලා නලලින් චූටි හාදුවක් තිබ්බා..

"මං බය උනා.. පණ්ඩිතයා... යුංගි එක්ක හැමදේම විසඳගත්ත එක හොඳයි කුකී.. කොල්ලා හොදටම අවුලින් හිටියෙ. අපි පස්සෙ කතා කරමුකො. දැං නිදහසේ කාලා ඉන්න.."

මං හ්‍යොංගෙ ඉන දෙපැත්තෙන් අත් දෙක දාලා තුරුල් කරන් ටිකක් වෙලා එහෙමම හිටියා..

"ජිමිනි බබා ඔයා ඔය රාක්ශයා එක්කනං රෑට දොයියගන්න හිතන් ඉන්නෙ ඔයාගෙ අවසන් කැමැත්ත එහෙම ලියලා තියලා යන්න.."

අ..හ් ටේ හ්‍යොං... මෝචි ඇස් බෝල කරන් බලන් ඉන්නවා. ටේ හ්‍යොංගෙ කටට බ්‍රේක් තිබුනෙ කවද්ද... අ..ශ් මට ජජම්‍යොන් ටික පැත්තක දාලා මේ මනුස්සයා දුක නැතුව විනාස කරන මගෙ නම්බුව තමයි කන්න වෙන්නෙ මෙහෙම ගියොත්..

"ඇ.. ඇයි හ්‍යොං ඒ?"

මේකටත් ඕන්නැති දෙයක් නෑනෙ..

"නෑ නෑ මොකුත් නෑ... ඌට පිස්සු ඌ කියන ඒවා අහන්න ඕන්නෑ..."

මං මෝචිගෙ කන්දෙක තද කරලා වහගන්න ගමන් කෑගැහුවා..

"ඔය කිරිසප්පයට පාඩුවෙ නිදාගන්න දියම් ඈ.. දැක්කමත් දුක හිතෙනව යකෝ..."

මගෙ කනට කරලා මුමුණපු ටේ හ්‍යොං මම ගහන්න නැගිටිද්දි ඉක්මනින් දුවන් ගිහින් රූම් එකේ දොර වහගත්තා..

"හ් හ්‍යොං ජ්.. ජුනී හ්‍යොං කෝ?"

"ජුනී නිදි කුකී අසයිමන්ට් එකක් එක්ක ඔට්ටු වෙලා වෙලා මහන්සි කිව්වා..."

හ්ම්ම් අසයිමන්ට් එකක් එක්ක ඔට්ටු වෙලාලු.. හ්ම් හ්ම් හ්ම්... අපි නොදන්න අසයිමන්ට්.. අප්පාගෙ බිස්නසුත් බලන්නෙ නම්ජූන් හ්‍යොං. කැම්පසුත් ගිහින්, බිස්නස් එක ගැනත් බලලා මහන්සි වෙලා ගෙදර එන හ්‍යොංට තව අසයිමන්ට්තුත් දීලලු.. පව් වැඩේ..

"සුගා හ්‍යොං කෑවද හ්‍යොං?"

"ඔව් කුකී.. එයා කාලා නිදාගන්න ගියා.. ඔයාලත් කාලා ඉක්මනට නිදාගන්න මහන්සිත් ඇතිනෙ. ඔය ප්ලේට්ස් ඔහොමම තියන්න මම හෝදන්නම්.. එහෙනම් ගුඩ් නයිට් දෙන්නටම.."

Don't Leave meWhere stories live. Discover now