හයවන දිගහැරුම

Začít od začátku
                                    

පසුව ඔහු ඇදුම් කාමරයට ගියේ සූදානම් වීමටයි...

මේ අතර ශාන් මුලුතැන්ගෙය පසුකරගෙන පඩිපෙලද නැග අවසන් ය... වෙලාව නම් විනාඩි හතලිහක් ප්‍රමාදවී තිබුනි.. කමක් නැත යාලුවන්ගේ පිහිටෙන් හෝ බඩකට පුරවගන්නට පුලුවන් බැව් ඔහු සිහිකලේය.. සියලු දෙවියන් ( එහෙම ඉන්නවද දන්නෑ චීනේ. 😊) සිහිකල චාන් යීබෝ සර්ගේ දොරට තට්ටුවක් දැම්මේය.....

" කවුද "
" මම ශාන් "

" එන්න "

ශාන් දියෙන් ගොඩදැමූ මාලුවකු මෙන් කාමරයට ඇතුල්වනු දුටු යීබෝගෙ මුවඟට සිනහවක් නැගුනත් ඔහු එය පිට නොකලේය....

"වෙලාව කීයද දැන් "

" හතයි දහයයි... " ශාන් බිම බලාගෙන මුමුණන්නට විය ..

" මං කීයටද එන්න කිව්වේ...."

" හයයි තිහට ....."

" ඇයි පරක්කුවුනේ... නිදහසට කරුණු තියෙනවද .. ."

කන්නාඩි මේසය අසල සිටගෙන අත් ඔරලෝසුව පළදින ගමන් යීබෝ ඇසීය

Ups! Tento obrázek porušuje naše pokyny k obsahu. Před publikováním ho, prosím, buď odstraň, nebo nahraď jiným.

කන්නාඩි මේසය අසල සිටගෙන අත් ඔරලෝසුව පළදින ගමන් යීබෝ ඇසීය... ඔහුට දැන් කන්නාඩියෙන් ශාන්ව හොදින් පෙනේ..හදිස්සියට නාගෙන හිසවත් හොදින් පිහදාගෙන නැති ඒ මුහුණ යීබෝගෙ පපුවේ ගැස්ම යලිත් වෙනස් රටාවකට මාරුකලේය....ශාන් තවමත් බිම බලාගෙන අසරණව සිටිනු දුටු යීබෝට මහත් දුකක් දැනුනද මේ මුරන්ඩු කම් වලට තරහක්ද නැතුවා නොවෙයි..

" නැද්ද ...."
තරමක් උස් හඩින් යීබෝ ඇසුවේ ඔහුගේ පපුවේ ගැස්මත් වසාගැනීමටයි....

" මොනවද "

ශාන් එක්වරම ඇසීය..

" නිදහසට කරුනු නැද්ද ..."

" පෝන් එකේ බැටරි බැහැලා එලාම් එක වැදුනෙ නෑ. "

ශාන් කටට ආපු බොරුවක් අතෑරියේය..

stubborn love (Yizhan ff.... Complete  )Kde žijí příběhy. Začni objevovat