One 😇💐

6.5K 516 119
                                        

අද නම් හුගක් මහන්සි වුන දවසක්..

සර් අද කලින් යනවද.. මං එලියට එනකොටම මගේ සෙක්‍රට්‍රි කොහෙදෝ ඉදන් දුවන් එන ගමන් ඇහුවා.

ඔව් ලී මින් මගේ ඔලුව ටිකක් රිදෙනවා ඒ නිසා යන්න ඕනි..

බෙහෙත් ගන්න ඕනිද සර් මං එන්නද සර් එක්ක..

නෑ නෑ ලී මින් මට ප්‍රශ්නයක් නෑ.. අද මින් කම්පැණිය එක්ක තියන ඩීල් එක ඉවර කරන්න තිබුන නිසා ටිකක් රෑ වෙනකන් ඇහැරන් ඉන්න උනා.. ඒ නිසා වෙන්න ඇති..

හරි සර් එහෙනම් පරිස්සමින් යන්න.. හදිස්සියක් නම් කෝල් එකක් දෙන්න සර් මං එන්නම්..

පොඩි හිනාවකින් සංග්‍රහා කරපු මං එලිය ඇවිත් දුර ඉදන්ම කාර් එක අන්ලොක් කරලා පුලුවන් ඉක්මනට කාර් එකට නැග්ගේ නෑ කිවුවට ඔලුව පැලෙන්න තරම් රිදෙන නිසා.

පුලුවන් තරම් වේගෙන් කාර් එක ඩ්‍රයිව් කරේ ඉක්මනට මට අපාර්ට්මන්ට් එකට යන්න ඕන උන නිසා..

ඒත්..

තව විනාඩියක් පරක්කු උනානම් වැරහැලි ඇදගත්ත මැදි වයසෙ කොල්ලෙක් මගේ කාර් එකට යට වෙනවා..

මං හිටියේ අපාර්මන්ට් එකට යන ඇතුල් පාරේ.. වැඩිය වාහන නැති නිසා පනින්න ඇති. ඒත් දෙයියනේ ඔහොම ගොනෙක් වගේ පාර පනිනවද මං අහන්නේ.. මාත් ගොනා වගේ වේගෙන් ආවා නේ.

බනින්නම් කියලා හිතාගෙනම කාර් එක නතර කරලා එලියට ගියා.. ඒ වෙනකොටත් කාර් එක මැද්දේ හිටගෙන ඔලුව කකුල් දෙක අස්සෙ ගහගෙනයි හිටියේ..

මේ මොකද.. හැප්පුනා කියලද දන්නෑ හිතන් ඉන්නෙ..🙄

මං එයාගෙ උරහිසට ටිකක් තදින් තට්ටුවක් දැම්මා.. එයා ඔලුව ඉස්සුවා.. දෙයියනේ.. එයා අඩනවා.. ඒ මුණ පුරාම එක එක පැල්ලම්.. ඇදුම් හොදටම කිලිටියි.. ඉරිලත් එක්ක.. කදුලු පැල්ලම් හොදට පේන තරමට ඒ මූණේ කුනු බැදිලා. ඒත් ලස්සනයි.. කදුලු පුරවන් මං දිහා බලන් ඉද්දි මගේ ඇගම ඇවිලෙනවා වගේ දැනුනා..

බනින එක පැත්තකට දාලා මං එයාට කතා කරා..

ඔයා හොදින් ද..?

එයා ටික වෙලාවක් මගේ මූණ දිහා බලන් ඉදලා හෙමින් ඔලුව උඩට පහලට කරා..

Unimaginable Angel..✅TK😇[Complete]Stories to obsess over. Discover now