My Boy

819 144 155
                                    

Yera pov.

නම්සන් ටව(ර්) එකේ තියෙන locks දිහා බලන් හිටපු මම එකපාරටම පියවි සිහියට අාවෙ එයාගෙ කටහඬින්.

"ඔයාටත් එහෙම කරන්නෝනද? ම්හ්?"

"මොකක්ද යූංගි"

"මං කිව්වෙ ලොක් එකක් එල්ලන එක ගැන."

"අනී ඔප්පා..."

"හ්ම් එහෙනම් ඔයාගෙ කැමැත්තක්.. අපි යමුද එහෙනම්?"

"හරි යමු"

අපි car එකේ ගෙදර එන්න අාව. මං ජනේලෙන් එළිය බලාගෙන හිතුවෙ යූංගි ගැන. අැත්තටම අපි වෙන couples වගේ නෙවෙයි. අපි කවදාවත් ice cream කකා beach එකේ රැල්ල පාගන එක, හැමතිස්සෙම surprise කර කර අනෙත් කෙනාව සතුටින් තියන්න, තව එක එක තැන්වලට ගිහින් අත් අල්ලන් බොලඳ කතා කියන එක, අලුත් film එකක් අාවහම එ්ක බලනව වගේ එ්ව කරලා නැහැ. එයාට එ්වට වෙලාවකුත් නෑ. වෙලාවක් තියෙන වෙලාවටවත් එයාට එ්ව මතක් වෙන්නෑ. කලාතුරකින් නිවාඩුවක් ලැබුනත් එයාට ඕන ගෙදරට වෙලා ඉන්න. අදත් නම්සන් tower එකට අාවෙ මං කියපු නිසා. අපේ නම් ගහපු lock එකක් එල්ලන්න ඕන උනත් එහෙම කරේ නැහැ. යූංගි romantic වෙන්න දන්නෙම නැද්දමන්දා. අඩුම මං එයාට 'ඔප්පා' කියල කතා කරනවටත් එයාගෙ වැඩි කැමැත්තක් නෑ.

"යේරා..."

"ම්..."

"ඔයා අැයි කතා නැත්තෙ"

"එහෙම එකක් නෑ යූංගි"

"හෙට මට උදේම යන්න වෙනවා... ටිකක් වැඩ වැඩි case එකක් දාලා. එන්නත් රෑ වෙයි. ඔයාට කම්මැලී වගේ නං ගායොංන්ග් ලගෙ ගෙදර යන්න."

"කමක් නෑ මං ගෙදරට වෙලා ඉන්නම්"

"හරි එ්ත් මං එනකන් රෑට කන්නෙත් නැතුව බලන් ඉන්න නම් එපා. කාලා නිදා ගන්න. හරිද?"

මං මොකුත් නොකියම හිනාවෙලා එයාගෙ උරහිසට හේත්තු උනා. එයාට drive කරන්නත් අමාරුයි මං ඉන්නකොට එ්ත් මට අෑත් වෙන්න ඕන කමක් නෑ. එ්ත් එයා එකපාරටම car එක නවත්තලා මගෙ උරහිසෙන් අල්ලල තවත් එයාගෙ ලඟට ගත්තා. මම ඔළුව හරවලා එයා දිහා බැලුවා. එයා මං දිහා බලාගෙනම ඉඳලා නලලට පුංචි කිස් එකකුත් දුන්නා. මං ගොඩක්ම කැමති නලලට දෙන එ් අාදරණීය හාදුවට. එ්ක ගොඩක් දැනෙන දෙයක්. එ්කෙන් ලොකු අාරක්ෂාවක් රැකවරනයක් දැනෙනවා. ටිකක් වෙලා එහෙමම හිටපු අපි ගෙදර අාවා. මහන්සියටමද මන්දා මං wash කරන් එනකොට එයා wash දාන්නෙත් නැතුවම T-shirt එකත් ගලවලා අැඳන් හිටපු trouser එක පිටින්ම නිදි. එ් මදිවට room එක නිකන් fridge එකක් වගේ. A/C එක අඩු කරන්න හිතුනත් යූංගි wash දාලත් නැති නිසා මාත් අඳේ එයාගෙ එහාපැත්තෙන් අැල උනා. Room එකේ lights ටිකත් off කරලා එයාට තුරුල් වෙලා මාත් නිදාගත්තා.

My Boy [COMPLETED]Opowieści tętniące życiem. Odkryj je teraz