අග්නි 60

Mulai dari awal
                                    

'' ඒ බැල්මෙන් මා හද සලිතව ගියා... '' රුද්‍ර ද සහය දීම ආරම්භ කළේ ය.

'' මන්දාරා........ සොදුර.... අහෝ කුමක් ද නුඹ මේ මට සිදු කළේ ? ළය පැලී මිය යයි.. රවන්නෙපා සොදුර........ '' සුලේධජ රංගනයෙන් ද දායක වෙමින් පවසනු මිධුනාථ අසා සිටියේ ය. ඔහු වෑකන්ද දෙසට රවමින් සුලෝධජ දෙස සිනාසෙමින් බලා සිටි මහීධට ද බැන වැදුනේ ය.

'' ඕ.. තඹර පෙති වැනි ඇගේ මෘදු දෙතොල්...... '' සුලෝධජ අවසන් කර නැත .

'' වියළි ගිය ගිම් පත් වැනි ඇගේ රළු බැලුම්.... '' රුද්‍රද සිය උපරිම සහයෝගය ලබා දුන්නේ ය.

'' කුසුම් සරින් , විද මා හද රිදවනා තැවුල්.. '' සුලෝධජ ද කාන්තාවන්ට ඇසෙන ලෙස පැවසුවේ ය.

'' අහෝ ළදේ .. කිම ඔය කොපුල්............. තමාගේ රෞද්‍ර බැල්ම හමුවේ රුද්‍ර පැවසීමට ගිය දෙය නතර කරනු මිධුනාථ දුටුවේ ය.

'' රවන්නෙපා .සොදුර......හූ.... හූ.... හූ,..... ''
කන්තාවන් සියලු දෙනා ඉක්මනින් නෙළුම් නෙළා අවසන්ව වෑකන්ද දෙසින් පිටව යනු සුලෝධජ කෑගසනු මිධුනාථ දුටුවේ ය. ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අශ්ශීල සල්ලාලයෙකු විය .

.
.
.
.
.
.
.

මිධුනාථ.... මිද්දෝ- ඕ..... උද්ධච්ඡ ඉස්ගෙඩියෝ... ඒයි.. පඩුවන් බස්සෝ.. දැන් උරණ වීමට මා කුමක් ද සිදු කළේ ? '' සුලෝධජ විරාමයකින් තොරව විමසනු බලා සිට මිධුනාථ රවා අනෙක් පසට හැරුණේ ය.

'' ඔබ මහා දුෂ්ඨයි.. මා කුමක් ද සිදු කළේ ? ඔබේ දෙළුම් යුෂ බදුන බිම හැලූ නිසා ද ? නැතිනම් , නුඹේ වස්ත්‍රතුළට ගෙබි පැටවෙකු දැමූ නිසා ද ? ඔහු ගැන පවසනවා නම් ඔහු ඉස්ගෙඩියෙකුව සිටි බැවින් මා රැගෙන පැමිණියේ...... ඔහු ගෙඹි පැටවෙක් වේ යැයි අනුමාන කළේ සැබෑමයි පවසන්නේ..... '' සුලෝධජ දෙතොල් උල් කරමින් පවසනු මිධුනාථ බලා සිටියේ ය. උදෑසන තමාගේ වස්ත්‍ර අතරින් ගෙඹි පැටවෙකු මතු වූයේ කෙසේ දැයි ඔහු දැන් නිසැකවම දැනුවත් විය.

'' යනවා.. කතාවක් නැහැ තමුන් සමග.. '' මිධුනාථ රෞද්‍ර ලෙස පැවසුවේ සිය කුටියෙහි ද්වාරය සුලෝධජගේ මුහුණටම වසා දමමිනි .

♛ අග්නි ♛Tempat cerita menjadi hidup. Temukan sekarang